ආදායම් බෙදීයාමේ විෂමතාවය කොවිඩ් වසංගතයෙන් උග්‍රවූ හැටි

සෑම පැය 26කට වරක් අළුත් බිලියනපතියෙක් බිහිවන කොරෝනා වසංගත යුගයේ, ලොව අනෙක් කෙළවර සෑම තත්පර හතරකට වරක් එක් මිනිසෙක් කුසගින්නේම මියයන අරුමයක ජුගුප්සාජනක ඛේදවාචකය, අද අපගේ ලෝකය ගිලී පවතී.

කොරෝනා වසංගතයෙන් ලොවම බැට කෑ ඉකුත් දෙවසරේ ලෝක ධනපතියන් සහ අන්ත  දිළිඳු ලෝ වැසියන් අතර ආදායම් බෙදී යාමේ අප්‍රසන්නජනක විෂමතාවක් විදහා දක්වයි. මෙම දෙවසරක කාලය තුළදී  ලෝක ධනවතුන් අතර ඉදිරිපෙළේ වැජඹෙන සුපිරි ධනපතියන් දස දෙනාගේ ආදායම එ.ජ. ඩොලර් බිලියන 700 සිට එ.ජ. ඩොලර් ට්‍රිලියන 1.5 ක් දක්වා, එනම් තත්පරයට එ.ජ. ඩොලර් 15,000 ක රොකට් වේගයකින් ඉකුත් දෙවසර තුළදී පමණක් පොදි බැඳ ගැනීමට තරම් භාග්‍යයක් උදාකර දී ඇත.

අන්ත දිළින්ඳන් වැඩිවීම

මෙහි අනෙක් අග ගැන විමසා බැලූ විට අප වෙසෙන ලෝකය කෙතරම් මානවයාට මානුෂික පරිසරයක්දැයි සිතා ගත හැකිය. එනම්, ඉකුත් කොරෝනා වසංගතයෙන් ලොව ගිලන් වූ දෙවසර තුලදී පමණක්, ලෝක ජනගහනයෙන් සියයට 99ක ආදායම් මට්ටම කෙතරම් පහතට වැටුණේදැයි විමසීමෙන් මේ අසාධාරණ ලෝක ධන තුලනය ගැන සිතාගත  හැකිය. ලොව වෙසෙන ජනයාගෙන් සියයට 99 කම ආදායම  පහත වැටීමට අමතරව, ගෙවුනු දෙවසර තුළදී පමණක් මිලියන 16-ක ජනකායක් අළුතින් දිළින්දන්ගේ ගොඩට ඇද වැටී ඇත.

Multidimensional Poverty Index: India halves poverty in 10 years |  Globalization | DW | 20.09.2018

මේ බව හෙලිවූයේ පසුගිය ජනවාරි 17 වැනි දින එළිදැක්වූ  “Inequality kills (ආදායම් විෂමතාවය මිනිසුන් බිලිගනී) නමින්  Oxfam International  (ඔක්ස්ෆැම් ඉනටර්නැෂනල්) සංවිධානය විසින් පළකළ, ඉකුත් කොරෝනා යුගයේ ජීවන තත්ත්වය පිළිබඳ ලෝක ශේෂ පත්‍රයක් බඳු වාර්තාවකිනි.

ෆෝර්බ්ස් (Forbs) ජාත්‍යන්තරය විසින් වරින් වර එළිදක්වන ලෝක ධනවතුන්ගේ දර්ශකය අනුව ලොව සුපිරිතම ධනවතුන් දස දෙනා වන්නේ, එලන් මස්ක්, ජෙෆ් බිසොඩ්, බර්නාර්ඩ් අනෝල්ට් සහ පවුලේ අය, බිල් ගේට්ස්, ලැරී එලිසන්, ලැරී  පේජ්, සර්ජි බ්‍රින්, මාර්ක් සකර්බර්ග්, ස්ටීව් බොල්මර් සහ වැරන් බුෆේ යන ධන කුවේරයින් වේ.

ධන කුවේරයන්ගේ තරම

මෙම සවිස්තර ශේෂ පත්‍රමය වාර්තාවේ සංක්ෂිප්ත වාර්තාව එළිදක්වමින් පැවති උලෙලේදී ඔක්ස්ෆැම් ජාත්‍යන්තරයේ විධායක අධ්‍යක්ෂිකා ගේබ්‍රියෙලා බචර් (Gabriela Bucher) පැවසුවේ ‘මේ ධනකුවේර අල්පතරයේ  ගොඩ ගසාගත් ධනස්කන්ධයෙන් සියයට 99.999 ක් හෙට ඔවුනට අහිමි වී ගියහොත්, ඉදින් වුව, හෙට දිනයේ ලොව වෙසෙන ජනගහනයේ සියයට 99ක සමස්ත ආදායමට වඩා ඔවුන් උපයා ඉතිරි කරගෙන සිටින අය බව වැඩි දෙනා  දන්නේ නැහැ’ යනුවෙනි. ‘මේ ධන කුවේරයින්ගේ ධනස්කන්ධය, ලොව වෙසෙන දිළිඳුතම බිලියන 3.1 ක් වන ජනගහනයේ සමස්ත ආදායම ඉක්මවා හය ගුණයක ධනයක් තරම් ඉමහත්’ බචර් වැඩිදුරටත් පැවසුවාය.

Over 10 Years, Poverty Rate In India Reduced To Half: UN Report

ලෝක ආර්ථික සමුළුවේ “Davos Agenda”   හමුවට පෙරාතුව එලිදැක්වූ මෙම ‘ඔක්ස්ෆෑම්’ ජාත්‍යන්තරයේ වාර්තාවෙන්  ලොව පාලක පැලැන්තියට ඇස් අරවා කියවා දෙන්නේ, ලෝකයේ නිපදවන ධනයේ ව්‍යාප්තියේ පවතින අතිශයින් කෲරතර, අමානුෂික විෂමතාව හේතුවෙන්, අප වටා වෙසෙන සහෝදර මානව සංහතියෙන්, සෑම දිනකම 21,000 ක් දෙනා හෙවත් සෑම තත්පර හතරකටම එක් ජීවිතයක් බැගින් කුසගින්නේම අප හැර යන යථාර්ථයයි. ඒ නිහඬ ඛේදවාචකයයි.

මෙම මරණ ගණනය සිදු කර ඇත්තේ සෞඛ්‍ය සේවා ලබාගැනීමට ඇති දුෂ්කරතා, ගෘහණිය එල්ලකර සිදුවන අඩන්තේට්ටම් හා අපරාධ, දැරිවියන්ට එල්ලවන අපරාධ, දරිද්‍රතාව සහ කාලගුණික   විපර්යාස හේතුවෙන් ලොව පුරා වාර්තාවන මරණ සම්ප්‍රදායික වශයෙන් එකතු කර බැලීමෙනි.

පාලක පංතියේ අවධානය

ධනකුවේර, බලවත් සුළුතරයේ බලය බිඳීම මෙන්ම  ඔවුන්  උපයන අතිරික්ත ලාභය   බදුකරණය තුලින් ඔවුන්ගෙන්  උදුරාගෙන එම  ධනස්කන්ධය සැබෑ ආර්ථික ධාරාවට වැටෙන්නට සලස්වා, එමගින් දුප්පතුන්, අන්ත දිළින්දන් බවට පත් වීම, නිරාහාරව මියැදෙන අසරණ ජනතාව ඉන් මුදාගැනීමට, මෙන්ම ඔවුන්ගේ මූලික අවශ්‍යතා සඳහා එම මුදල් ප්‍රවාහය ආයෝජනය කිරීම කෙරෙහි පාලක පංතියේ අවධානය දැන්ම යොමුවිය යුතුය.

The Responsibility of the Government in Road Safety - Eureka Africa Blog

ඉකුත් 14 වසර පුරා ලොව ධන කුවෙිරයින් ඉපැයූ ආදායම හා සාපේක්ෂව බැලීමේදී කොරෝනා  දෙවසර පමණක් ඇතුලත මෙම ධන කුවෙිරයින්ගේ වස්තු සම්භාරය ගොඩගැනීම ඉතා වේගවත්ව සිදුව තිබේ. මෙකී ධන කුවේරයින්ගේ ඉකුත් කෝවිඩ් 19 වසංගත කාලසීමාව තුළදී පමණක් ගරාගත් නොමනා ආදායම් සම්භාරයෙන් සියයට 99ක බද්දක් අය කළේ නම් එකී බදු මුදලින් :

  • ලොව පුරා ප්‍රමාණවත් එන්නත් සාධාරණ අයුරින් බෙදා දීමට
  • රටවල් 80කට වඩා මහජන සෞඛ්‍ය සේවා සහ සමාජ ආරක්ෂණ පහසුකම්, දේශගුණික විපර්යාස වලට ඔරොත්තු දීමේ ශක්තිය සැපයීම මෙන්ම කාන්තාව එල්ල කරගත්  අඩන්තේට්ටම් සහ අපරාධ අවම කිරීම යනාදී පොදු පහසුකම් සැපයීම පිණිස විභජනය කළ හැකි වීමට සහ
  • වසංගත සමයට පෙරාතුව ඔවුන් සිටි ධනයෙන් ආඪ්‍ය මහේශාඛ්‍ය දිවි පෙවෙත පවත්වාගෙන යා හැකි තරමේ, එ.ජ. ඩොලර් බිලියන අටකට (8) වැඩි ආදායමක් සහතික කළ හැකි වීමටත්, ඉඩකඩ පවත්වාගත හැකිය.

වසංගතයෙන් වසන්තයට

පීඩිත ජනතාව අන්ත අසරණභාවයට ලක්ව සිටින තරම අප කාටත් ඇස් පනා පිටම පෙනී යයි. ඊට ඉඳුරාම වෙනස් කොවිඩ් 19 හා බැඳුණු සමාජ වටපිටාවක් ඉකුත් දුර්භික්ෂ සමය තුළ ලෝක පරිමාණ ධනපතියන් අතලොස්සකට උදා විය. ඇත්ත වශයෙන්ම පසුගිය  වසංගත කාලය, පොදුවේ වැඩ කරන ජනතාවට, පහළ මධ්‍යම පංතියට මෙන්ම මධ්‍යම පාංතික ඇතැම් කොටස වලට වසංගතයක් වූවා, ඉහත කී පන්නයේ ධනපති පැලැන්තියට නම් එය ‘වසංගතයක්’ නොව ‘වසන්තයක්ම’ විය.

Coronavirus: Different vaccines given to 20 in India jab mix up - BBC News

ඉකුත් කාල පරිච්ඡේදයේ මෙන්ම දැනටත් පවතින මේ වසංගත සමයේ ආර්ථිකය ගරා නොවැටී පවත්වාගෙන යාම, උදෙසා සෑම රටකම පාහේ මහා බැංකු විසින් ඩොලර් ට්‍රිලියන ගණනින් තම රටවල ආර්ථික ප්‍රවාහය වෙත මුදාහැරීම දක්නට ලැබුණි. එසේ වුවත්, අවසාන විග්‍රහයේදී මෙකී අළුතින්  මූල්‍ය වෙළඳපොලට ‘එන්නත් කළ’ අමතර ඩොලර් කන්දරාවෙන් වැඩි හරියක් ගලා වැටණේ මෙම ධන කුවේරයින් ප්‍රමුඛ ලෝක ධනපතියන් සුළුතර‍යකගේ මඩියටයි. මෙම ප්‍රවණතාව බොහෝ ධනවාදී  ආර්ථික විශ්ලේෂකයින් හැඳින්වූයේ, කොටස් වෙළෙඳපොල ප්‍රසාරණයක් ලෙසිනි.  බොහෝ විද්‍යාඥයින්ගේ මතය වූයේ   කඩිනමින් එන්නත් ලබා දීම මෙම  කෝවිඩ් 19 වසංගතයෙන් ජනතාව මුදාගැනීමේ ප්‍රධානතම විසඳුම බවයි. එහෙත් සිදුවූයේ කුමක්ද?

ධනපති ආණ්ඩු ක්‍රියාත්මක කළේ ඊට ඉඳුරාම පටහැනි අයුරින්, එන්නත් ලොවට නිකුත් කිරිම උවමනාවෙන්ම ප්‍රමාදවීමට සැලැස්වීමයි. ඖෂධ අධිරාජ්‍යයේ ප්‍රකෝටිපතියන් සහ ඖෂධ ඒකාධිකාරී ධනකුවේරයින් මෙම උවමනාවෙන්ම ප්‍රමාද කළ එන්නත් සැපයුම් කුමන්ත්‍රණයෙන් කළ දුටු කළ, වල ඉහ ගත්හ. මෙහි  යථාර්ථය වූයේ සහෝදර ලෝක ප්‍රජාවේ ඇස් පනාපිටම, මෙම වෛරසයෙන් උත්පාදනය කළ ගිලන් බවට ඔරොත්තු දීමට තරම් ප්‍රතිශක්තියක් නොමැති වූ දුගී සහෝදර ජනතාව දිනපතා තොග ගණනින්  පොළොව පලාගෙන වැළලී යෑමයි. ඇත්තෙන්ම ජනමාධ්‍ය පවා හුවා දැක්වූයේ සහෝදර ජනතාවක් හදිසියේ අප අතහැර යාමේ ප්‍රකම්පනයට වඩා, ඔවුන් වළදැමීමට වඩා පිලිස්සීම උචිතද? නැත්නම් වළ දැමීම නිසා  අපගේ ජල මූලාශ්‍රවල ගුණාත්මක බවට හානි සිදුවේද යනාදී පරිභෝජනවාදී කුහක ප්‍රවෘත්ති වාර්තාකරණයකි.

මෙම ලෝක ආදායම් විෂමතා වර්ධනයේ අනෙක් පැතිකඩ වන්නේ, එහි ප්‍රතිවිපාකවලින් මැවෙන දිළින්දන්ගේ හෙට දවස, පුරෝකථනය කිරීමට නොහැකි තරමේ දුර්භාග්‍ය සම්පන්න, මාරාන්තික මෙන්ම අමානුෂික යථාර්ථයකි. බචර් මහත්මිය මේ ගැන වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් තම විවරණය ඉදිරිපත් කළාය.

අන්තගාමී ආදායම් විෂමතාව

ඇය වැඩිදුරටත් පවසා සිටියේ ‘අන්තගාමී ආදායම් විෂමතාව කියන්නේ, ආර්ථික ප්‍රචන්ඩත්වයක්, මෙහිදී සිදුවන්නේ වරප්‍රසාද ලත් සුළුතරයකගේ සුඛ විහරණයට ප්‍රමුඛතාව දෙන ආර්ථිකමය හා මූල්‍යමය ප්‍රතිපත්ති මෙන්ම ඊට අනුබල දෙන දේශපාලනික තීන්දු ගන්නා පාලක පැලැන්තියක් විසින් ඉටු කරනු ලබන්නේ, මෙකී කුප්‍රකට ධනපති පැලැන්තියේ අතිරික්ත ලාභය, දේපල සහ එමගින් ඔවුන් මවාගෙන තිබෙන බල අධිකාරිය අඛණ්ඩව  පෝෂණය කිරීමයි. මෙහි ප්‍රතිඵලය වන්නේ සමස්ත ලෝක ජනගහනයේ බහුතරයකගේ ජීවන තත්ත්වය දිනෙන් දින අගාධයට යාම සහ ලෝකය ගෝලීය වශයෙන් දිරාපත්වන අගතියකට හෙළීමයි.’

The consequences of economic inequality

‘ඇත්ත වශයෙන්ම, ලෝකය අපට දුන් වසංගතයට පෙරළා ලෝකයෙන් ප්‍රතිචාර දක්වා තිබෙන අන්දම හරිම අප්‍රියජනකයි. අපි ඊට ප්‍රතිචාර දක්වා තියෙන්නේ වාර්ගික, වරප්‍රසාද අහිමි බහුතර කොටස කොන් කරන කාන්තාවන්ට හිරිහැර පටවන ආකාරයේ ප්‍රවේශයකින්.   කොව්ඩ් 19 පැතිරීමත් සමග බහුතර ජනතාවකට ගෙදරටම කොටු වී සිටීමට බලධාරීන් බලකර සිටියා. ඒ නිසා ටික දිනකින්ම ගෘහණියට හෝ කාන්තා පාර්ශ්වයට එරෙහි ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය දිනෙන් දිනම පුපුරා ගියා. අදටත් කාන්තාව සහ දැරිවියන් අරභයා ඔවුනගේ  සෞඛ්‍ය සේවා වෙනුවෙන් පාලක පැලැන්තිය දක්වන උනන්දුවක් නැති තරම්.’ බචර් මහත්මිය පැවසීය.

පීඩනය පිටකිරීම

වත්මන් වසංගත තත්ත්වය හමුවේ ලෝකයේ කාන්තාවගේ ජීවන සුරක්ෂිතතාව, පෝෂණය සහ ලිංගික හිංසනයෙන්  වියුක්ත සුහදශීලී පරිසරයක දිවි ගෙවීමේ අයිතිය වසර සියයකටත් වඩා ආපස්සට හරවා ඇත. පාසලේ, ගමනාගමනයේ මගතොටදී සහ රැකියා ස්ථානයේදී / වැඩ බිමේදී ස්ත්‍රී – පුරුෂ සේවක අනුපාතය ආපස්සට හරවා ඇත. 2019 වසරේ වැඩපලේ සිටි සේවිකා ජනකායෙන් මිලියන 13ක්ම මේ වන විට සේවා ස්ථානය හෝ වැඩබිම හැරදා පෙරළා කුස්සියටම ගාල් වී  සිටී.

අප්‍රිකානු මහාද්වීපයේ, ලතින් ඇමෙරිකානු මහාද්වීපයේ සහ කැරිබියන් දූපත් සමූහයේ වෙසෙන කාන්තා සහ දැරිවියන් බිලියනයක් විසින්  උපයන සමුච්චිත ආදායමේ එකතුව, ලොව අනෙක් බටහිර කෙළවරේ වෙසෙන පිරිමි ධන කුවේරයන් 252ක් විසින් උපයන ආදායමට අඩු වේ. ස්ත්‍රී පුරුෂ ආරථික ශක්තියේ විෂම බෙදීයෑම මේ වාස්තවික දත්තයෙන් මොනවට පැහැදිලි වේ.

The long fight of the Mapuche people at times has turned violent. Pope  Francis is about to get involved - Los Angeles Times

වාර්ගික වශයෙන් කොන් කළ ජනතාවද මේ වසංගතයෙන් උපරිම අගතියකින් බැට කෑ තවත් ජන කොට්ඨාශයකි. එංගලන්තයේ දෙවැනි කෝවිඩ් රැල්ල සමයේදී එරට වෙසෙන බංගලාදේශ සම්භවයකින්  යුත් ජනතාව මියයාමට තිබූ සම්භාවිතාව, සුදු ජාතික එංගලන්ත දේශීය වැසියෙකු කොවිඩ් නිසා මිය යෑමට තිබූ හැකියාව මෙන් පස් ගුණයකි. බ්‍රසීලයේ කළු ජාතිකයින්,  එරට සුදු ජාතිකයින්ට වඩා 1.5ක තරම් වැඩි මිය යෑමේ ප්‍රවනතාවක් වාර්තා විය. අමෙරිකාවේ කළු ජාතික පුරවැසියනටද, සුදු ජාතික පුරවැසියන්ට තරම් සමාන සෞඛ්‍ය සේවා පහසුකම් ලබාගැනීමේ හැකියාව පැවුතණි නම්, අද වන විට, ඇමෙරිකානු කළු ජාතිකයින් මිලියන 3.4 ක් යහතින් දිවි ගෙවිය හැකිව තිබුණි. ඓතිහාසික වශයෙන් ඈත ශිෂ්ඨාචාරයේ  පටන් කළු සුදු  භේදයේ වර්තමාන දිගුවක් ලෙස මෙය හොඳින් කැපී පෙනේ.

වසංගතය හමුවේ සුභ සාධන කප්පාදුව

අනෙක, ලෝක ආර්ථික ප්‍රතිලාභ බෙදී යාමේ විෂමතාව තවදුරටත් තීව්ර කරමින් ඇති හැකි ධනවාදී රටවල් හා නැති බැරි දිළිඳු රටවල් අතර පරතරය, පරම්පරවාක කාලසීමාවකින් පසු යළිත් පුළුල් වීමද මේ වසංගත යුගයේදී අත් දුටු ප්‍රත්‍යක්ෂ  සත්‍යයකි. ධනවාදී රටවල ඖෂධ මහා පරිමාණයෙන් අලෙවිකරණ ව්‍යාපාර හිමියන්ගේ ඒකාධිකාරී බලය රැක ගැනීම උදෙසා යොමුවීම හේතුවනේ සංවර්ධනය වෙමින් පවතින රටවලට එන්නත ලබා දීම උවමනාවෙන් ම ප්‍රමාද කෙරිණි. එවැනි රටවල විදේශ ණය ගෙවීම පවා  දුෂ්කර අඩියකට වැටී තිබෙන මොහොතක, සමා සුභසාධන වියදම් කපා දමා ඒ මුදලින් එන්නත් මිලදී ගැනීම සදහා බල කෙරිණි. දුන් එවැනි රටවල්, දේශීය වශයෙන් සකසුරුවම්, පැරණි ජීවන රටාවලට යොමුවීමට තම රටවැසියා පොළඹවමින් සිටිනු පෙනේ. කොවිඩ් 19 හේතුවෙන් දිලිඳු රටවල මියයන ජනගහනය, ඒ නිසා ධනවාදී රටවල මියයන ජනගහනය මෙන් දෙගුණයක් තරම් විශාල අගයකි.

බචර් මහත්මියට අනුව, ‘කොවිඩ් 19 නිසා දේශපාලනික හා ආර්ථික විධි මගින් කෑදරකම මනාව ලොව පුරා ප්‍රසිද්ධියේම දැකගත හැකි වූයේ, අන්තගාමී විෂමතාව, ආර්ථික ප්‍රචණ්ඩත්වය බවට පරිවර්තනය වී මිහිකතගේ දිළිඳු දරුවන් වැඩි වශයෙන්ද, දුබල ධනපති  අනෙකුත් ජනතාව අඩු වශයෙන්ද මෙලොවින් තුරන් කිරීම තුළිනි. මෙම ආර්ථික විෂමතාවයේ අහුමුළු පිළිබඳව වසර ගණනාවක් පර්යේෂණ අධ්‍යයනයන්හි යෙදුණද, විෂමතාවට එරෙහිව කාලයක් තිස්සේ හඬ නැගුවද, ‘ඔක්ස්ෆැම්’ ජාත්‍යන්තරයට අද දින ජාත්‍යන්තර ප්‍රජාවට ප්‍රසිද්ධියේ කීමට  ඇත්තේ  අපගේ ව්‍යායාමය කොරතම් අසාර්ථක වී ඇත්ද යන්න පිලිබඳ යථාර්ථය පමණි.’ බචර් මහත්මිය වැඩිදුරටත් පැවසීය.

ඉකුත් දෙවසර පුරා කොවිඩ් වසංගතයෙන් කොපමණ බැට කෑ ආර්ථික පසුතලයක් මධ්‍යයේ වුවත්, තම රටවල ධනවතුන්ගෙන් අයකරනු ලබන ආදායම් බදු ඉහළ දැමීමට ධනවත් ආණ්ඩු කිසිවක්, කිසි විටෙකවත්,  ධෛර්ය සම්පන්න වූයේ නම් නැත. ඒ වෙනුවට ඔවුන් බොහෝ විට අනුගමනය කළ විකල්ප ක්‍රම වේදය වූයේ පෞද්ගලීකරණය තීව්ර කිරීම මෙන්ම සෞඛ්‍ය සේවා ආනයන සහ බෙදාහැරීම් ආදියත් හැකිතාක් පෞද්ගලික ව්‍යාපාරිකයන් අතට විතැන් කිරීමයි. මේ කාලය තුළ  කුඩා ව්‍යාපාර ගිල ගැනීම වැනි උපක්‍රම තුළින් මහා පරිමාණ ව්‍යාපාර විසින් තම ආධිපත්‍යය තහවුරු කර ගැනීමද දක්නට ලැබුණි.

පරිසරයට අලුත් ප්‍රහාරයක්

මේ ආර්ථික විෂමතාව පරිසරය වෙතද කාන්දුවීම මනාව ප්‍රකට විය. ලොව පහළතම ආරථික වෘද්ධියක් තිබෙන රටවල් 50ටම වඩා වැඩි කාබන්ඩයොක්සයිඩ් (CO2)  විමෝචනයක් ලොව ධනවත්ම, සියයට එකක ධන කුවේරයන් විසින් පරිසරයට මුදාහරී. ඉන් හටගත් පාරිසරික විෂමතාවේ බලපෑමෙන් හටගත්, ලැව්ගිනි, ගංවතුර, සුළි කුණාටු, භෝග හානි සහ දරිද්‍රතාව වැනි ප්‍රතිපවිපාක නිසා 2021 සහ 2021 වසර දෙකේ ස්වාභාවික විපත් නිසා දිලිඳු ජනතාව තොග ගණනින් අසරණ වූහ.

‘මෙලෙස ආර්ථික විෂමතාව සහ ආදායම්  බෙදීයාමේ විෂමතාව ලොව මතුවී තිබෙනනේ, අහම්බෙන් නොව හිතාමතා සිදුකළ ආර්ථික න්‍යායන්හි දුර්විපාක වශයෙනි.’ බඤර් මහත්මිය පවසයි.

පරිසර ව්‍යසනයක පෙර නිමිති

මේ වසංගතයට මුහුණ දී එය ජයගැනීමට තරම් අපගේ ආර්ථික ව්‍යුහයන් ශක්තිමත් නැතිවීම නිසා රටේ ජනතාව අවදානමකට තල්ලු කර ඇතිවාක් පමණක් නොව, මේ දුර්භික්ෂ අවාසනාවන්ත වටපිටාව වුවත්, ධනවාදී රටවල සහ ප්‍රබල ධනවතුන් අතලොස්සකගේ මඩිය තවදුරටත් තර කර ගැනීම අරභයා අප රටවල ආර්ථිකයන් විසින් රටේ සම්පත් සහ ආදායම එකී ධන කුවේරයන් වෙත හරවා යවන මට්ටමකට තරම් දුබල කර තිබේ.’

මෙයින්ද සිදුව ඇත්තේ ධන කුවේර සුළුතරය විසින් විපත – සැපත බවට පත් කර ගැනීමේ කූට ආර්ථික න්‍යාය යොදාගෙන දුකට පත් ජනතාව මහා පරිමාණයෙන්ම සූරාකෑමට නතු කර ගැනීමකි.

බලවතුන්ගේ තරඟය

‘අමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අද සිටින ප්‍රධානතම සුපිරි ආර්ථික බලවතුන් දෙදෙනාය.’ ඔවුන්වත් තම සුපිරි ධනපති පන්තියෙන් බදු අය කර  එමගින් ධනපති වෙළෙඳ ඒකාධිකාරී බල හීන කිරීමට පියවර  දැන්වත් ගත යුතුව  තිබේ.’ එවිටවත් ඉදිරි ලෝක ප්‍රජවාගේ ආර්ථිකමය ප්‍රගතිය උදෙසා අපට යම් තරමකවත් සුභවාදී බලාපොරොත්තු   තබා ගත හැකි වනු ඇත.’ ඔක්ස්ෆැම් විධායක අධ්‍යක්ෂවරිය පැවසුවාය.

මෙනයින්, සෑම ආණ්ඩුවක් විසින්ම පහත සඳහන් පියවර ගනු ඇතැයි තමා විශ්වාස කරන බව ඇය තවදුරටත් සඳහන් කළාය. එනම්,

  • වසංගතය ආරම්භ වූ දා පටන් ධනකුවේර ව්‍යාපාර ඒකාධිකාරී සමාගම් විසින් සහ එවැනි කුප්‍රකට ධනපතියන් විසින් උපයාගත් අයුතු ලාභයෙන් උපරිම ආදායම් බදු රැස් කර ගැනීම මගින් ප්‍රකෝටිපතියන්ගෙන් ආදායම ඩැහැගැනීම නිත්‍යානුකූලව සිදු කිරීම
  • එලෙස උපයා ගත හැකි ට්‍රිලියන ගණනින් ගිණුම්ගත කළ හැකි ධනපතියන් විසින් ගිණුම් පුරවාගත් අධික ආදායම ආපසු ජනතාවගේ සෞඛ්‍ය සේවා ප්‍රවර්ධනයසඳහා පොදු සෞඛ්‍ය, සමාජ ආරක්ෂණය, ගෝලීය පරිසර  සංරක්ෂණය සහ කාන්තාව ඉලක්ක කර ගනිමින් සිදුවන අපහරණ හා අපයෝජන ක්‍රියා මැඩපැවැත්වීම උදෙසා ඒ මුදල් සම්භාරය විසර්ජනය කිරීම.
  • ප්‍රචණ්ඩත්වය සහ වෙනස්කම් කිරීමෙන් කාන්තාව, සුළු ජාතීන් හෝ සුළු ආගමික කොටස් කොන් කිරීමට එරෙහිව නීති සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීම, කාන්තා ශ්‍රමය සූරාකෑමට තුඩු දෙන නීති වෙතොත් ඒවා යාවත්කාලීන වශයෙන් හිතකර අන්දමින් ප්‍රතිසංස්කරණයට ය‍ොමුවීම. සෑම රටක් විසින්ම, ස්ත්‍රියට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ සූරාකෑමට එරෙහිවත්, සුළුතර වාර්ගික කොටස් අවමානයට ලක් කිරීමේ ඉඩකඩ ඇහිරීමටත්, අකෙනුත් පීඩිත ජන කොටස් රටේ පාලනයට හා තීරණාත්මක තීරණ ගැනීමේදී හවුල් කරවා ගන්නා සුළු නීති සැකසීමට හා ඒවා භාවිතා කිරීමටත් නොවලහා උත්සුක විය යුතුය.
  • සේවකයින් හා කම්කරු ප්‍රජාවට වෘත්තීය සමිති පිහිටුවීමට හා රැස්වීමට ඇති අයිතිය සුරක්ෂිත කරමින්, ඔවුන්ගේ විරෝධතා දැක්වීම සහ වැඩ වර්ජනය අයිතිය තහවුරු කළ යුතුය.
  • කෝවිඩ් 19ට ඖෂධ නිපදවීමට අනෙකුත් රටවලටද සමාන අයිතියක් හිමිවන සේ ධනවත් රාජ්‍යයන් විසින් පනවා ඇති බුද්ධිමය දේපල සුරැකෙන නීති ලිහිල් කොට තම රටේදීම එන්නත් නිපදවාගැනීමට හැකි රටවලට එම අයිතිය ලබා දිය යුතුය.

‘කවුරු හරි   කියනවා නම් සල්ලි නැහැ කියලා, ඒක පට්ට පල් බොරුවක්. මොකද දැනට එ.ජ. ඩොලර් ට්‍රිලියන 16ක්,  කෝවිඩ් උවදුරට එරෙහිව ආයෝජනය කර තියෙනවා.  නව ලිහිල්කරණ ආර්ථික ආකෘතියෙන් මිදී දුකට පත් ජනයා ඉන් මුදා ගැනීමට තරම් ධෛර්යයක්, රටේ පාලකයාට ඇත්නම්, දිළිඳු ජනතාවගේ දිවි රැකගෙන ඔවුනට සුභවාදී හෙට දිනයක් සහතික කළ හැකියි. තම රටේ මෙන්ම ලොව පුරා ආණ්ඩුවල හිතුවක්කාරී ප්‍රතිපත්තිවලට එරෙහිව නැගී එන විරෝධතා ව්‍යාපාර හොඳින් කියවා වටහා ගතහොත්, එවැනි පාලකයිනට අනාගතයක් තියේවි’ බචර් මහත්මිය අවසාන වශයෙන් පැවසුවාය.

ප්‍රියංකර ජයසිංහ ආරච්චි

(සමගාමී භාෂණ පරිවර්තක)

“Inequality Kills”  සංක්ෂිප්ත වාර්තාව ඇසුරිනි.

www.leftlibrary.net වෙබ් පිටුවෙහි පළවීමක උපුටා පළ කිරීමකි.

More from author

රට කරවන්න දියවන්නාවට ගොස් වසර 40යි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි වර්තමාන ගොඩනැගිල්ලේ ස්ථාපිත කොට අදට (29) වසර 40 ක් සපිරෙනවා. ගාලු...

ලෝක මැලේරියා දිනය අදයි (25)

ලෝක මැලේරියා දිනය අදට (25) යෙදී තිබෙනවා. වෛද්‍යවරු පවසන්නේ මැලේරියා රෝගය ලොව පුරා මනුෂ්‍ය සංහතියට ප්‍රබල බලපෑමක් කරන...

‘අරගලයට නිවැරදි මගපෙන්වීම ලබාදීම වැඩකරන ජනතාවගේ වගකීමක්’ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී....

ශ්‍රී ලංකාව රටක් විදිහට දැන් ගෙවමින් ඉන්නේ ඉතිහාසයේ පෙර නොවූ විරූ තත්ත්වයක්. වැඩ කරන ජනතාව, මේ රටේ...

රට ගොඩගැනීමට ඉදිරිපත් කළ IMF නිර්දේශ

මෑතක දී සංවාදයට ලක්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව මාර්තු 25 වැනිදා ප්‍රසිද්ධ කරනු...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related posts

Latest posts

“ලංගම ගාස්තු වැඩි කිරීම පිළිබද තීරණයක් ගෙන නෑ” – ලංගම සභාපති

ලබන පළමුවනදා සිට පෞද්ගලික බස් ගාස්තු වැඩි කරන බව පෞද්ගලික බස් සංගම් පවසනවා. ඒ ඊයේ ප්‍රවාහන ඇමති වරයා හා බස් සංගම් අතර පැවතී සාකච්ජා වලින්...

සමිත දුලාන්ගෙන් නව ලෝක වාර්තාවක්

පැරා ඔලිම්පික් පදක්කම්ලාභී සමිත දුලාන් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබෙනවා. ඒ අනුව ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ F44 හෙල්ල විසිකිරීමේ අවසන් මහා තරඟයේදී...

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් 600ක් පළායයි

පොළොන්නරුව, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවා සිටි රැඳවියන් 600ක් පමණ ඉන් පළා ගොස් තිබෙනවා. ඒ අනුව මධ්‍යස්ථානයේ රඳවා සිටි රැඳවියෙකු මියයාමේ සිද්ධියක් මුල් කර ගනිමින් ඊයේ...