ඔස්ට්‍රියාව, කොවිඩ් 19 එන්නත අනිවාර්ය යුරෝපයේ පළමු රට වෙයි

කොවිඩ් 19 එන්නත්කරණයට අදාළ නීති සම්මත කර ගැනීමත් සමඟ කොවිඩ් 19 එන්නත අනිවාර්ය කළ යුරෝපයේ පළමු රට බවට ඔස්ට්‍රියාව පත්ව තිබෙනවා.

ඒ අනුව වයස අවුරුදු 18 ට වැඩි සෑම අයෙකුම කොවිඩ් 19 මර්දන එන්නතක් ලබාගත යුතු වන අතර මෙම නීතිය අද (01) සිට ක්‍රියාත්මක වනවා.

කෙසේ වුවද එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන පුද්ගලයෙකුට ඇමරිකානු ඩොලර් 670 සිට ඩොලර් 4,000 දක්වා දඩයකට යටත්වීමට සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රටවල් කිහිපයක් දැනටමත් වැඩිහිටියන් හෝ සෞඛ්‍ය කාර්යමණ්ඩල එන්නත්කරණය අනිවාර්ය කර තිබුණද යුරෝපයේ කිසිඳු රටක් සියලු දෙනා එන්නත්කරණය කිරීම අනිවාර්ය කර තිබුණේ නැහැ.

ඔස්ට්‍රියාව මෙම තීරණය ගෙන ඇත්තේ ඊට එරෙහිව ඇතැම් පාර්ශව දැඩි විරෝධයක් ද පළ කර ඇති පසුබිමක බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

එමෙන්ම එරට වැසියන්ගෙන් 72% ක් පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇති පසුබිමකද කොවිඩ් 19 මර්දනයට මෙවැනි දැඩි නීති පැනවීම විශේෂත්වයක් වනවා.

POPULAR

Recent articles