දුම්රියේ වෙන් කළ අසුන් සඳහා වන ගාස්තු ඉහළට

දුම්රිය වෙන් කළ අසුන් සඳහා වන ගාස්තු පළමු වනදා සිට ඉහළ දැමීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර පවසන්නේ ඒ අනුව ලබන පළමු වනදා සිට දුම්රිය වෙන් කළ අසුන් සඳහා වන ගාස්තුව 30 %කින් ඉහළ දමන බවයි.

දුම්රිය පාඩුව අවම කර ගැනීම සඳහා එම මිල ගණන් ඉහළ දැමීමට සිදුවූ බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කරනවා.

සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ, දෛනිකව ඉන්ධන සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ රැපියල් මිලියන 40ක් පමණ වැය කිරීමට සිදුවුව ද දෛනික ආදායම රැපියල් මිලියන 15ක් පමණ බවයි.

ඉන්ධනවලට අමතරව අනෙකුත් කාර්ය සඳහා ද දෛනිකව මිලියන 30 ක් වැය වන බව ද ඔහු පෙන්වා දෙනවා.

එමෙන්ම සාමාන්‍යාධිකාරිවරයා පවසන්නේ දුම්රිය ටිකට් පතක මිල බස් ගාස්තුවෙන් 25% ක් ප්‍රමාණයක් බවයි.

POPULAR

Recent articles