මෙරට විශාලතම සිමෙන්ති කර්මාන්ත ශාලාව විවෘත කරයි

මෙරට විශාලතම සිමෙන්ති නිෂ්පාදන කර්මාන්ත ශාලාව හම්බන්තොට – මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ දී ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කර කළා.

මෙහිදී අදහස් පළ කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ, දේශීය ව්‍යවසායකයින් සවිබල ගැන්වීම මගින් ආර්ථිකය ගොඩනැගීම සඳහා වත්මන් රජය කැපවී සිටින බවයි.

එහිදී ලංවා සංස්ථා සිමෙන්ති සමාගම නවෝත්පාදනය සමගින් දෙස්-විදෙස් වෙළෙඳපොළ සඳහා ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදන පිරිනමන මෙන් එහි මවු සමාගමවන ලංවා සංස්ථා වානේ සමාගමේ ප්‍රෞඩ උරුමය ඉදිරියට ගෙන යනු ඇති බවට තමා විශ්වාසකරන බව මහින්ද රාජපක්ෂ මහතා වැඩි දුරටත් කියා සිටියා.

ආනයන මත පැනවූ තාවකාලික තහනම හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයට ඇති වී තිබෙන අපහසුතා සඳහා මෙම කර්මාන්තශාලාව මනා පිළියමක්වනු ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ එහිදී කියා සිටියා.

මේ සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, නිවාස කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ, තරුණ හා ක‍්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යවරයා සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු අමාත්‍යවරු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

POPULAR

Recent articles