“ඉන්ධන ලබා ගැනිමේ මුල්‍ය අර්බුදය අවසන්” – සි. බි. රත්නායන

ඉන්ධන ලබා ගැනිමේදි රජය මුල්‍ය අර්බුදයකට මුහුණ පෑ බවත් මේ වන විට එම අර්බුදය විසදා ගනිමින් මෙරටට අවශ්‍ය ඉන්ධන ගොඩබාගෙන ඇති බව වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සි. බි. රත්නායන කියනවා.

“ඇත්ත වශයෙන්ම ඉන්ධන ලබා ගැනිමේදි මුල්‍ය අර්බුදයකට මුහුණ පෑවා. ඒක නිරාකරණය කරගෙන රටට අවශ්‍ය ඉන්ධන ගොඩ බලා තියෙනවා.

මට අලුතින් විෂය පථයන් එකතු විමක් කියනවාට වඩා අලුතින් ගැසට් කිරිමක් තමයි කරලා තියෙන්නේ. මිට පෙරත් මෙම විෂය පථයම තමයි මට තිබුණේ. එතකොට රාජ්‍ය අමාත්‍යවරයෙක් හිටියා. දැන් රජ්‍ය අමාත්‍යවරයාගේ විෂය පථයන් මට ගැසට් කරලා තියෙනවා.

වන ගහණය 30% දක්වා වැඩි කිරිමට අරමුණක් තියෙනවා. වන සතුන් ආරක්ෂා කරගෙන සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරිමටත්, පාසල් ළමුන්ගේ සිට තරුණ ප්‍රජාව දක්වා එකතු කරගෙන නැවත වගා කිරිමේ ක්‍රමයක් ඇති කරන්න කටයුතු කරනවා.

හරිත ශ්‍රි ලංකාවක් එක් අයෙකුට එක් පැළයක් යනුවෙන් මම තේමාවක් හදාගෙන ඉන්නවා. වන සංරක්ෂණ, වනජිවි, දැව සංස්ථාව, සත්ව උද්‍යානත් එක් වෙලා මෙම වැඩ සටහන සිදු කරන්න කටයුතු කරනවා. වන ගම්මාන ව්‍යාපෘතිය හදුන්වා දෙන්නත් වනජිවි දෙපාර්තුමේන්තුව ඒකකයක් වශයෙන් සක්‍රීය කරගෙන සංචාරක කර්මාන්ත දියුණු කරන්නත් කටයුතු කරනවා.

නුවරඑලිය ග්‍රේගරි වැව තිබුණ විදිහ ගැන ජනතාව දන්නවා. නුවරඑලිය භුමිය ජනතාව නිවැරදි ආකාරයට භුක්ති විදින්න දෙන්න ඕනේ. හැබැයි පෞද්ගලිකරණය සිදු කරන්න බෑ” යි අමාත්‍යවරයා පවසනවා.

POPULAR

Recent articles