ආචාර්ය රොහාන් පෙතියාගොඩට පරිසර නොබෙල් ත්‍යාගය

පරිසරවේදීන්ට පිරිනැමෙන නොබෙල් ත්‍යාගය ලෙස ලෝකයේ පිළිගැනීමට ලක්ව ඇති ලීනියන් පදක්කම (Linnean Medal) මෙවර ශ්‍රී ලාංකික පර්යේෂකයෙකු සහ කතුවරයෙකු වන ආචාර්ය රොහාන් පෙතියාගොඩට හිමි වී තිබෙනවා.

1888 වසරේ සිට ලෝකය පුරා විසිරී සිටින විශිෂ්ට ශාක විද්‍යාඥයන් සහ සත්ත්ව විද්‍යාඥයන් වෙනුවෙන් පිරිනැමෙන මේ පදක්කම, ශ්‍රී ලාංකිකයෙකුට හිමිවී ඇත්තේ මුල් වරටයි. විද්‍යාඥයෙකු වුවද, ආචාර්ය පෙතියාගොඩ වඩාත් ප්‍රකටව ඇත්තේ අධ්‍යාපනඥයෙකු සහ ග්‍රන්ථ කතුවරයෙකු ලෙසයි.

ජාත්‍යන්තර රතු දත්ත වාර්තාව පිළිබඳ ජීවී විශේෂ ආරක්ෂා කිරීමේ කමිටුවේ (IUCN’s Species Survival Commission) සභාපතිවරයෙකු ලෙස ද ඔහු කටයුතු කර තිබෙනවා.

මේ පදක්කම ලබාදීමට හේතුව ලෙස සම්මාන කමිටුව සඳහන් කර තිබුණේ ලංකාවේ ජෛවවිවිධත්ව පර්යේෂණ සඳහා ඔහුගෙන් සිදු වූ සේවය මෙන්ම ඒවායේ ප්‍රතිඵල සම්බන්ධයෙන් සිදු කළ උත්ප්‍රේරණය අතිශය වැදගත් බවයි.

2022 වසරේදී ආචාර්ය රොහාන් පෙතියාගොඩ ලීනියන් සමාජයේ මේ පදක්කම දිනාගනු ලබන්නේ ලංකාවේ ප්‍රථමයා ලෙස පමණක් නොව, ආසියාවේ දෙවැනියා ද වශයෙන් වීම විශේෂයක්.

POPULAR

Recent articles