“මෝල්කාරයෝ බොරුවට කෑ ගහනවා” – ලක්ෂ්මන් කිරිඇල්ල

සමහර වී මෝල් කාරයන් මිනිසුන්ගේ දුක දැක අද බොරුවට කෑ ගහන්නේ ඔවුනට අපාය පෙනෙන නිසා යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.

මේ දක්වා ඔවුන් සිදුකළේ රටේ අහිංසක ජනතාව සූරාගෙන කෑම බවද ඔහු සඳහන් කර සිටියා.

පවතින තත්ව යටතේ රට ගොඩ යන දිනය සිතාගත නොහැකි බවත් තමාට දැනගන්නට ඇති ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලැබීම ලබන දෙසැම්බර් මාසය පමණ වනු ඇති බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් පවසා තිබෙනවා.

POPULAR

Recent articles