“චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ල වූ ප්‍රහාරය ගැන කඩිනමින් පරීක්ෂණ කරන්න” – ජනමාධ්‍ය ඇමති පොලිස්පතිවරයාට දන්වයි

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට අද (14) දින අලුයම එල්ල කළ ප්‍රහාරය ගැන කඩිනමින් පරීක්ෂණ කරන ලෙස ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් පොලිස්පතිවරයාට දන්වා තිබෙනවා.

පොලිස් ආරංචි මාර්ග පවසන්නේ ප්‍රහාරය ගැන ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායම් දෙකක් දනටටමත් පරීක්ෂණ සිදුකරන බවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, නිහාල් තල්දූව පවසන්නේ අංශ කිහිපයක් ඔස්සේ දැනටමත් පරීක්ෂණ සිදුකරමින් පවතින බවයි.

POPULAR

Recent articles