සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ නව සභාපති ලෙස රවීන්ද්‍ර බණ්ඩාර තේරී පත්වෙයි

සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය (APLA) මෙවර නිලවරණය පසුගිය දා පවත්වා තිබුණා. ඒ නෙළුම් පොකුණ රඟහලේදී. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ජනතා විමුක්ති පෙරමුණ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක ආරාධිතයන් අතර වුණා.

නිලවරණයේ දී සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ (APLA) සභාපති ලෙස තේරී පත් වුණේ සංයුක්ත ගණිත දේශක රවීන්ද්‍ර බණ්ඩාරයි. සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ සභාපතිත්වය බස්නාහිර පළාතින් පිට අයෙකු තේරී පත් වූ පළමු අවස්ථාවත් මෙයයි.

සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස භෞතික විද්‍යා දේශක මහේන් ජේකොබ්ද, භාණ්ඩාගාරික ලෙස ගිණුම්කරණ දේශක ආසිරි සම්පත්ද තේරී පත්ව සිටියා.

සංගමයේ ජාතික සංවිධායක වුණේ ගණිත දේශක ජනක ක්‍රිෂාන්ත යි.

POPULAR

Recent articles