රටින් පිටවීමට උත්සහා කළ 67 ක් නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 67 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇති බව වාර්තා වනවා.

නාවික හමුදාව සඳහන් කරන්නේ ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ (23) රාත්‍රියේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මොවුන් අත්ඩංගුවට ගත් බවයි.

මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇති පිරිස අතරට කාත්තාවන් 07ක් සහ කුඩා දරුවන් 03ක් ඇතුළු පිරිසක් අයත් බව නාවික හමුදාව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

POPULAR

Recent articles