“ජනාධිපතිට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් මිස විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට නීතිමය ප්‍රතිපාදන නෑ” – කතානායක

සමගි ජන බලවේගය පක්ෂය විසින් ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කරනු ලැබූ විශ්වාසභංග යෝජනාව ඒ ආකාරයටම බාරගැනීම කතානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රතික්ෂේප කර ඇති බවයි කියන්නේ. ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් මිස විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට නීතිමය ප්‍රතිපාදන නැති බවයි ඔහු පවසන්නේ. එසේ හෙයින් අදාළ යෝජනාව සංශෝධනය කර වෙනත් ගැළපෙන ආකාරයකින් යොමු කිරීමට පියවර ගන්නා ලෙස සජබ පක්ෂයේ නායකයන්ට දැනුම්දුන් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.

එම අදහස සජබ නායකයන් බොහෝ බොහෝ දෙනකු පිළිගත් බවත් ඒ අනුව එම යෝජනාව ගැළපෙන සහ නීතිමය වශයෙන් ඉදිරිපත් කළ හැකි ආකාරයට සකස් කරන ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට උපදෙස් දුන් බවයි කතානායකවරයා කියන්නේ. ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත්වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් දැනටමත් උපදෙස් ඉල්ලා ඇති බව පවසන කතානායකවරයා එම උපදෙස්ද ලැබීමට නියමිත බවත් සඳහන් කරනවා.

POPULAR

Recent articles