ලෝක අලි සුරක්ෂිතතා දිනය අදයි (12)

ලෝක අලි සුරක්ෂිතතා දිනය අදට (12) යෙදී තිබෙනවා.

අලි – මිනිස් ගැටුම දැඩි අර්බුදයක්ව ඇති මොහොතක මෙම දිනය වසර දහස් ගණනක් තිස්සේ අලි ඇතුන්ගේ නිජබිමක් වූ ශ්‍රී ලංකාවට අතිශය වැදගත් වනවා.

සමීක්ෂණවලට අනුව මෙරට සමස්ථ අලි ගහණය 6,000කට ආසන්න වන අතර ඉන් 5 %ක් ඇතුන් ලෙසට ගණන් බලා තිබෙනවා.

කෙසේ වෙතත් මේ වනවිට වාර්ෂිකව අලි – මිනිස් ගැටුම් හේතුවෙන් වන අලි 300 ක් පමණ මියයන අතර අහිමිවන මිනිස් ජීවිත සංඛ්‍යාව 100 කට අධිකයි.

වන අලි පිළිබඳ මෙරට ප්‍රමුඛ පර්යේෂකයෙකු වන ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු පවසන්නේ ගැටලුව නිසි පරිදි හඳුනා නොගැනීම හේතුවෙන් වන අලි දැඩි ආහාර අර්බුදයකට මුහුණ දී ඇති බවයි.

ප්‍රජා පාදක විදුලි වැට ක්‍රමය ක්‍රියාත්මක කිරීම මෙම තත්ත්වයට යම් විසඳුමක් ලබාදිය හැකි බව ද ආචාර්ය පෘථීවිරාජ් ප්‍රනාන්දු කියා සිටිනවා.

POPULAR

Recent articles