“මහ බැංකු අධිපති ඉවත් කිරීම ගැන පළවන වාර්තා අසත්‍යයි” – ජනාධිපති මාධ්‍ය අංශය

මහ බැංකු අධිපතිවරයා ඉවත් කරන ලෙසට දැනුම් දුන් බවට පළ වූ වාර්තාවේ කිසිදු සත්‍යතාවක් නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ජනාධිපතිවරයා පවසා ඇත්තේ රට මුහුණ දෙන බරපතළ ආර්ථික අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමේ ශක්තිය ඔහුට පවතින බවයි.

ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙවැනි අසත්‍ය කතාවලින් අධෛර්යයට පත් නො වන ලෙසත් රටේ ස්ථාවරත්වය හා සංවර්ධනය සඳහා ඔහුගේ සියලු වැදගත් කාර්යයන් කරගෙන යන ලෙසත් ජනපතිවරයා විසින් මහ බැංකු අධිපතිවරයාට දැනුම්දී ඇති බවයි.

POPULAR

Recent articles