“වගකීම ඉටුකිරීමට සූදානම්” – අනුර කුමාර දිසානායක

ඉක්මනින්ම මැතිවරණයකට යන තුරු ස්ථාපිත කරන අන්තර්කාලීන ආණ්ඩුවක අරමුණ හා සංයුතිය අනුව තම පක්ෂයට පැවැරෙන වගකීම ඉටුකිරීමට සූදානම් බව ජාතික ජන බලවේගයේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

දූෂිත පාලනයකට එරෙහිව අඛණ්ඩව අරගල කරමින් සිටින ජනතාව අපේක්ෂා කරන දේශපාලන හා ආර්ථික වෙනස සම්පූර්ණයෙන් ස්ථාපිත කිරීම ස්ථිර කළ හැක්කේ ලැබෙන ජනතා වරම අනුව බවයි ඔහු කියන්නේ.

ඒ දක්වා ජනතාවට අදාළව පොදු මෙන්ම ප්‍රධාන ගැටලු කිහිපය කඩිනමින් විසඳිය යුතු බව මන්ත්‍රීවරයා පවසනවා. රැළි නඟින ජනතා අරගලයේ සැබෑ අරමුණ තුළ විශාල දේශාපාලන ගැඹුරක් තිබෙන නිසා එය ක්‍රමානුකූලව ඉටුකළ යුතු බව ඔහුගේ අදහසයි.

අනුර දිසානායක මන්ත්‍රීවරයා කියන්නේ පළමුව වහාම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති රනිල් වික්‍රමසිංහ ධුරයෙන් ඉවත්විය යුතු බවයි. ඉන් මෙපිට බලයේ රැඳී සිටීමට කුමන ප්‍රයත්නයක් දැරුවද ඊට ඉඩක් නොමැති බව ඔහු සඳහන් කරනවා.

POPULAR

Recent articles