අන්තර්වාර පාලනයකට අනුර කුමාර දිසානායකගෙන් සහය ඉල්ලයි

ජනාධිපතිවරයා විසින් යෝජනා කරමින් සිටින සර්ව පාක්ෂික අන්තර්වාර පාලනයක් පිහිටුවීම සඳහා සහාය ලබා දෙන්නැයි ආණ්ඩුවේ පොහොට්ටු මන්ත්‍රීවරුන් දහ දෙනෙකු ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක වෙත ලිපියක් යොමුකර ඉල්ලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙස ද එම කණ්ඩායම එම ලිපියෙන් ඉල්ලා සිටිනවා.

පොහොට්ටුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කේ. පී. එස්. කුමාරසිරි, නීතිඥ උදයන කිරිඳි ගොඩ, ලලිත් එල්ලාවල, ගුණපාල රත්නසේකර, නීතිඥ වසන්ත යාපා බණ්ඩාර, කරුණාදාස කොඩිතුවක්කු, අකිල එල්ලාවල, උපුල් ගලප්පත්ති, සුදත් මංජුල, දයාකාන්ත ගුණතිලක යන අයගේ අත්සනින් මෙම ලිපිය යවා තිබෙනවා.

ඔවුන් පවසා සිටින්නේ දේශපාලන පක්ෂ ලෙස නොව රට පිළිබඳව සලකා කටයුතු කිරීමට කාලය එළැඹ ඇති බවයි.

“අවම වශයෙන් වසරක කාලයක් සඳහා ‘සර්ව පාක්ෂික අනත්ර්වාර පාලනයක්’ ස්ථාපිත කිරීමට අවංක හා සාධාරණ ප්‍රවේශයක් ලබාදෙන මෙන්” මෙම කණ්ඩායම යැවූ ලිපියෙන් අනුර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටිනවා.

POPULAR

Recent articles