පවුල් පහකින් හතරක් බඩගින්නේ

මෙරට සෑම පවුල් පහකින් හතරක්ම ගන්නා ආහාර වේලක් මඟ හැරීමට හෝ ගන්නා ආහාර ප‍්‍රමාණය අඩු කිරීමට පුරුදු වී ඇති බව ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ සඳහන් වනවා.

ශ‍්‍රී ලංකිකකයන් මිලියන 6.3ක ප‍්‍රමාණයක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බවත් ජූලි මස සිට දෙසැම්බර් මස දක්වා ශ‍්‍රී ලාංකිකයන් මිලියන 3.4කට සහාය වීම සඳහා අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 63ක මුදලින් තවමත් ලැබී ඇත්තේ ඩොලර් මිලියන 21.35ක් බවත් එම වාර්තාවේ දැක්වෙනවා.

ශ‍්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයෙන් තවමත් ශ‍්‍රී ලාංකිකයන් පීඩා විඳින බවත් කොළඹ නගරය සහ ඒ අවට ප‍්‍රදේශයන්හි අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ගණන් තවමත් ඉහළ මට්ටමක පවතින බවත් ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ එම වාර්තාවේ සඳහන් වී තිබෙනවා.

එමෙන්ම එම වාර්තාවේ දැක්වෙන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ජූලි මාසයේ 60.8% ක් වූ උද්ධමනය අගෝස්තු මාසයේදී 64.3% දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මේ හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව තවත් නරක අතට පත්වේ යැයි බියක් තිබෙන බව ලෝක ආහාර වැඩසටහන අදාළ වාර්තාව මගින් පෙන්වාදෙනවා.

ශ‍්‍රී ලංකාවේ ඉන්ධන හිඟය දේශීය වෙළඳපොලේ සැපයුම් දාමයට බාධා එල්ල කර ඇති අතර වෙළඳපොලේ දේශීය භාණ්ඩවල මිලට ඒ හේතුවෙන් පීඩනයක් එල්ල වී ඇතැයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වනවා.

POPULAR

Recent articles