විමල් විරවංශට හැකර් ප්‍රහාරයක්

අමාත්‍ය විමල් විරවංශගේ Facebook ගිණුමට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇති බව ඔහු විසින් සඳහන් කර සිටිනවා.

තම ෆේස්බුක් ගිණුම දින ගණනක සිට තමන්ට භාවිත කිරිමට නොහැකි වන අයුරින් පැවති බව අමාත්‍යවරයා Facebook හි සටහනක් තබමින් සඳහන් කරනවා.

එමෙන්ම මේ වන විට සිය ගිණුමේ පාලනය තමන් ලබා ගත් බවත්, එම කාල සීමාවේදී ගිණුම ලබාගත් පුද්ගලයා විසින් සිදුකළ පොස්ට් ෂෙයාර් කිරීම් සඳහා වග විභාගයකින් තොරව අදහස් ප්‍රකාශ කළ අය සම්බන්ධයෙන් අනුකම්පා කරන බවට ද අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර සිටියි.

POPULAR

Recent articles