“අපි සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්නෙ මහින්ද මහත්තයට අගමැති වෙන්න නෙමෙයි” – දයාසිරි ජයසේකර

මහින්ද රාජපක්ෂ අගමැතිවරයා මේ උත්සාහ කරන්නේ මේ රට ලේ විලක් බවට පත් කර මහා ව්‍යසනයකින් සියල්ල අවසන් කිරීමට බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලේකම්, පොහොට්ටුවේ මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

“අපි සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්නෙ මහින්ද මහත්තයට අගමැති වෙන්න නෙමෙයි. එහෙම නම් සර්ව පාක්ෂික ආණ්ඩු ඕන නෑ. එතුමට අගමැති විදිහටම ඉන්න පුළුවන්නේ. සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්නෙ රාජපක්ෂලා නැතිව මේ රටේ තියන ප්‍රශ්න ටික විසඳන්න. ගෝඨාභය රාජපක්ෂට එකපාරට ජනාධිපති කමින් ඉවත් කරන්න බැරි නිසයි අපි මේ යෝජනාව ගෙනාවෙ.

මේ රටේ පාරට බැහැලා අරගල කරන තරුණයින්ගෙ ඉල්ලීම් කීපයක් තියනවා. එකක් ‘ගෝඨා ගෝ හෝම්, ‘රාජපක්ෂස් ගෝ හෝම්’ මේක තාමත් තේරුම් නොගන්න එක ඛේදවාචකයක්. මේ ප්‍රශ්නයට විසඳුමක් හොයා ගන්න අපි උත්සාහ කරනකොට ඒකට විසඳුමක් හොයාගන්න බැරිනම්, ඒ අයගෙ බලය තියාගන්න ඕන කියලා හිතනවා නම් ඔහොම කරගෙන යන්න. මිනිස්සු තීරණයක් ගනීවි. අගමැතිවරයා හදන්නෙ මේ රට ලේ විලක් කරන්න
හැබැයි එතුමා දන්නෙ නාතුව ඇති අපිට තව විකල්ප තියනවා. තව වැඩ පිළිවෙළ රාශියක් තියනවා. මේ වෙලාවෙ ඒක කියන්නෙ නෑ. බලන් ඉන්න” යි මන්ත්‍රීවරයා පවසනවා.

POPULAR

Recent articles