”තෙල් තියෙනවා, අසත්‍ය ප්‍රචාරවලට රැවටෙන්න එපා” – CEYPETCO

ඉන්ධන නොමැති බව පවසමින් ගෙන යන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසනවා.

එම සංස්ථාව සඳහන් කරන්නේ ඩීසල් හා පෙට්‍රල් හා භූමිතෙල් ඇතුළු ඉන්ධන කිසිඳු හිඟයකින් තොරව බෙදා හැරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව තොග පවතින බවයි.

සපුගස්කන්ද පිරිපහදුව නැවත ආරම්භ කර ඇති අතර එය අඛණ්ඩව ඉන්ධන නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය පියවරගෙන තිබෙනවා.

ඉදිරි තෙල් සැපයුම් සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතින බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කරනවා.

අදාළ නිවේදනය –

POPULAR

Recent articles