”දෙමළ ජනතාවගේ ප්‍රමුඛ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න” – ශානිකයන් රාසමානික්කම් ජනපතිගෙන් ඉල්ලයි

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම පිළිබඳ දෙමළ ජාතික සන්ධානය ඊයේ (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. එහෙත් ඒ හමුව පිළිබඳව වැඩිමනත් දෙයක් ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ නැහැ. එම්.ඒ. සුමන්තිරන්, ධර්මලිංගම් සිද්ධාර්ථන්, සෙල්වම් අඩෛක්කලාදන්, ශානිකයන් රාසමානික්කම් යන අය ඇතුළු මන්ත්‍රී කණ්ඩායම ඊට එක්ව සිටි බවයි ඔවුන් කියන්නේ.

සාකච්ඡාවට එක්වූ ශානිකයන් රාසමානික්කම් මන්ත්‍රීවරයා කියන්නේ එම හමුවේ දී දෙමළ ජාතික සන්ධානයේ ඇතැමුන් තමන්ට ඡන්දය දුන් බව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පැවසූ බවයි. දෙමළ ජනතාව අපේක්ෂා කරන ප්‍රමුඛ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීය යුතු බව තම කණ්ඩායම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව ඔහු පවසනවා. විශේෂයෙන්ම දෙමළ ජනතාවගේ සුබසාධනය සඳහා වැදගත් කරුණු ඉටු කරන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවයි ඔහු පවසන්නේ. ජනාධිපතිවරයා ඊට එකඟ වූ බව ඔහු සඳහන් කරනවා.

ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පාර්ලිමේන්තු ඡන්දයේ දී තම සන්ධානය ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාට බව TNA මන්ත්‍රී සිවඥානම් සිරිදරන් පවසා තිබෙනවා. ඉන් පසුවයි ජනාධිපතිවරයා දෙමල ජාතික සන්ධානයේ ඇතැම් මන්ත්‍රීවරුන් තමන්ට පක්ෂව ඡන්දය භාවිත කළ බව පවසා ඇත්තේ. ඒ පිළිබඳව පවසන රාසමානිකන් කියන්නේ රැස්වීමට සහභාගි වූ සම්මේලනයේ ඇතැම් මන්ත්‍රීවරු ඒ පිළිතුරත් සමඟ නිහඬව බලා සිටි බවයි.

දෙමළ දේශපාලන සිරකරුවන් පිරිසක් මාස තුනක් ඇතුළත නිදහස් කරන ලෙස TNA නියෝජිතයන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

“උතුරේ සහ නැඟෙනහිර පෞද්ගලික ඉඩම්වලින් හමුදා ඉවත් කර තවමත් සරණාගතව සිටින අපේ ජනතාවට ඔවුන්ගේ උපන් බිම්වල සිටීමට හැකියාව ලබා දීම, පසුගිය වසර අටක කාලය තුළ මෙරටින් ඉවත්ව ගිය දෙමළ ජනතාවගේ අයිතීන් සඳහා වන දේශපාලන විසඳුම සඳහා වූ කාලානුරූපී ක්ෂණික සාකච්ඡා ආරම්භ කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහා ඉවත් කර එහි සුහද සංඥා ප්‍රථමයෙන් හෙළිදරව් කිරීම ආදිය කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස අපි ඉල්ලා සිටියා” යි මන්ත්‍රීවරයා පවසනවා.

POPULAR

Recent articles