තරුණ සහ කාන්තා නායකත්වයෙන් මෙරට දේශපාලන සංස්කෘතිය වෙනස් කළ හැකියි – පැෆරල් සංවිධානය

තරුණ සහ කාන්තා නායකත්වය හරහා මෙරට දේශපාලන සංස්කෘතිය වෙනස් කළ හැකි බව පැෆරල් සංවිධානය පවසනවා.

ඔවුන් දැනුමෙන් හා කුසලතාවයෙන් හෙබි පිරිසක් බවට පත් කිරීමෙන් එලෙස සිදුකළ හැකි බවයි කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකදී පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ.

පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන ආයතන තුළ කාන්තා නියෝජනය ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව ඉහළ නැංවීම සදහා පුහුණු පාඨමාලාවක් සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සිදුකිරීමට පැෆරල් සංවිධානය සැලසුම් කර තිබෙනවා.

ඒ යටතේ එම පාඨමාලාව සදහා තේරී පත් වූ කාන්තාවන් පිළිබද දේශපාලන පක්‍ෂවලට මෙන්ම රටට හදුන්වාදීමේ වැඩසටහනයි කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වූ අවස්ථාවේදී රෝහණ හෙට්ටිආරච්චි මහතා මෙම අදහස් පලකළා.

එම අවස්ථාවට එක් වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසුවේ මැතිවරණ සදහා ඉදිරිපත් වන කාන්තාවන්ට, කාන්තා පාර්ශවයෙන් ඡන්දය ලබාදීමේ අඩුවක් පවතින බවයි.

POPULAR

Recent articles