විදුලි ගාස්තු සම්බන්ධ ගැටලුවලට විසඳුම් ලබා ගැනීමට නව දුරකථන අංකයක්

මහජන උපයෝගිතා කොමිෂන් සභාව නව ක්ෂණික ඇමතුම් අංකයක් හදුන්වදී තිබෙනවා. විදුලි පාරිභෝගිකයන්ගේ නව විදුලි ගාස්තු සම්බන්ධ ගැටලුවලට පිලිතුරු ලබාදීමේ අරමුණෙන් මේ අංකය ස්ථාපනය කර තිබෙනවා.

පාරිභෝගිකයාට 0775687387 යන අංකයට අමතා පැනනගිනා ගැටළු යොමු කිරීමට හැකියාව දැන් සලසා ඇත.

නව විදුලි ගාස්තු වැඩිවීමට අනුව, මසකට ඒකක 30 ට අඩු පරිභෝජනයක් ඇති ගෘහස්ථ කාණ්ඩයට පිරිවැයෙන් සියයට 25 ක් අය කෙරෙනු ඇති අතර එමඟින් තවමත් සියයට 75 ක සහනයක් ලැබේ. පාරිභෝගිකයින් ඒකක 31 ට වැඩි සහ ඒකක 60 ට අඩු කාණ්ඩයට අයත් වන අතර මුළු පිරිවැයෙන් සියයට 40 ක් අය කෙරේ. ඔවුන්ට සියයට 60ක සහනාධාරයක් ලැබෙනවා. 61 ට වැඩි සහ 90 ට අඩු ඒකක කාණ්ඩයෙන් සැබෑ පිරිවැයෙන් සියයට 50 ක් පමණක් අය කෙරේ. එම කාණ්ඩයට ද සියයට 50 ක සහනාධාරයක් ලබා දේ. ඒ අනුව විදුලි පාරිභෝගිකයින්ගෙන් සියයට 75කට නව ගාස්තු සංශෝධනයෙන් පවා සහනාධාරය හිමිවේ. ගාස්තු සංශෝධන තීරණයත් සමඟ විදුලිය ඉතිරි කර ගැනීමට සහ පුනර්ජනනීය විදුලි උත්පාදනය ප්‍රවර්ධනය කිරීමට විදුලි පාරිභෝගිකයින් දිරිමත් කිරීමට ද මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර ගෙන ඇත.

POPULAR

Recent articles