ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා රජය ජාත්‍යන්තර නීතියේ සහය පතයි

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබාගැනීමට ජාත්‍යන්තර නීති ආයතනයක සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර නීති ආයතනයකින් තාක්ෂණික උපදෙස් ලබා ගැනීමට තීරණය කළ බවයි එම වාර්තා දක්වන්නේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇති බවත් අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සඳහා තාක්ෂණික කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇති බවත් අමාත්‍ය පතිරණ ප්‍රකාශ කර තිබෙනවා.

“මේ සම්බන්ධයෙන් පැහැදිලි විනිවිදභාවයකින් කටයුතු කරන්න ඕනේ. අපි තීරණය කරලා තියෙනවා දීර්ඝ කාලීන පදනම මත නීති ආයතනයක තාක්ෂණික සහාය ලබා ගන්න. මේ සම්බන්ධව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් සහ අධිකරණ අමාත්‍ය නීතිඥ අලි සබ්රි යන මහත්වරු නායකත්වය දේවි” යි යනුවෙන් කැබිනට මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසු බවයි කියන්නේ.

POPULAR

Recent articles