“අපි අයාලේ යනවා නෙවෙයි, දැනගෙන පිළිවෙළකට වැඩ කරන්නේ” – කේ. ඩී. ලාල්කාන්ත

තම ගුරුවරයා වුණු ලෙනින් කියා තිබෙන්නේ වැඩ කරන ජනතාවට සංවිධානය වීම හැර වෙනත් අවියක් නැති බවයි ජාතික ජන බලවේගයේ විධායක සභික, ජනතා විමුක්ති පෙඅරමුන දේශපාලන මණ්ඩල සභික, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ. ඩී. ලාල්කාන්ත කියනවා. සතුරු බලවේග අවදිව ඇති බවත් ලෙනින් කියා ඇත්තේ විප්ලවය අවදි වන්නේ ප්‍රතිවිප්ලවයද අවදිකර ගනිමින් බවත් ඔහු පවසනවා.

“අපි සමාජ පරිවර්තනය ආරම්භ කර තිබෙනවා. ඒ නිසා ප්‍රතිගාමී බලවේගත් අවදිවී තිබෙනවා. අපි අයාලේ යනවා නොවෙයි. දැනගෙන පිළිවෙළකට වැඩ කරන්නේ.

සජිත් ප්‍රේමදාස යන්නේ කොහෙද මල්ලේ පොල්. නමුත් අපි ඉතිහාසයෙන් අත්දැකීම් අරගෙන වැඩ පිළිවෙළක් සහිතව වැඩකරගෙන යනවා. ඒ නිසා රාජපක්ෂලාට අපි කියන්නේ යන්න සූදානම් වෙලා හිටපල්ලා. ජනතාව රවට්ටලා නැවතත් බලය ලබාගන්න උත්සාහ කරන ප්‍රතිගාමින් අපිත් එක්ක තරගයට ආවා. සජිත් ප්‍රේමදාස එහෙ මෙහෙ ගියා. රාජපක්ෂ පාලනය පලවා හැර නූතන වැඩපිළිවෙළක් සහිතව රට ගොඩනැගීමට කටයුතු කරන ලාංකීය සමාජයේ ඉදිරියෙන්ම ඉන්න බලවේගය ජාතික ජන බලවේගය විතරයි කියලා අවධාරණය කරනවා. හැමෝම එකතු වී අත්වැල් බැඳගෙන මේ පාලනය පළවා හැර ජනතාවාදී ආණ්ඩුවක් ගොඩනඟමු” යි ඔහු ඉල්ලා සිටිනවා.

POPULAR

Recent articles