ඖෂධ හිඟය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය

පවතින ඖෂධ හිඟය මඟහරවා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබාදීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමුව තිබෙනවා.

ස්විට්සර්ලන්තයේ ජිනීවා හිදී පැවති ලෝක සෞඛ්‍ය සමුළුව අතරතුර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු ශ්‍රී ලංකා නියෝජිතයින් සමග තමන් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ගේබ්‍රියේසස් සිය twitter ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරනවා.

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හමුවේ මතුව ඇති ඖෂධ හා වෛද්‍ය සැපයුම් හිඟයට විසඳුම් ලබාදීමේ හැකියාව පිළිබඳ එහිදී සාකච්ඡා කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානීයා පවසනවා.

එමෙන්ම මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව අඛණ්ඩව පවත්වාගෙන යෑමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහාය ලබාදීම පිළිබඳව ද එහිදී සාකච්ඡා වී තිබෙනවා.පසුගිය 22 වැනිදා ආරම්භ වූ ලෝක සෞඛ්‍ය සමුළුව 28 වැනිදා අවසන් වූ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල නියෝජිතයින් ඊට සහභාගී වුණා.

POPULAR

Recent articles