“එලඹෙන පස්වනදා වන විට විදුලි අර්බුදය අවසන්” – මුදල් ඇමැති

එලැඹෙන පස්වැනිදා වන විට විදුලිය කප්පාදුව නතර කිරීමට හැකි වනු ඇති බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ කැබිනට් මණ්ඩලයට දන්වා තිබෙන බව වාර්තා වෙනවා.

මාර්තු මාසය අවසන් වන විට ප්‍රවාහන අර්බුදයද අවසන්ව රට යථා තත්ත්වයට පත්වනු ඇතැයිද ඔහු විශ්වාය පළකර ඇති බවයි කියන්නේ.

දුම්රිය හා බස් රථ සඳහා ඉන්ධන ලබාදීම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉවත් කර ප්‍රවාහන අමාත්‍යාංශයට භාරදීමේ යෝජනාවක්ද අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර තිබෙනවා. ධීවරයන්ට භූමි තෙල් සහනාධාරය අඛණ්ඩව ලබා දීම හෝ දිරි දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන්ද ඇමැති මණ්ඩලයේදී සාකච්ඡා වී ඇතැයි වාර්තා වෙනවා.

POPULAR

Recent articles