විදේශයන්හිදී තම සන්නද්ධ හමුදා භාවිතා කිරීමට රුසියානු ජනපතිට අවසර

විදේශයන්හිදී තම සන්නද්ධ හමුදා භාවිතා කිරීමට අවසර ලබා දීමේ යෝජනාව රුසියානු පාර්ලිමේන්තුවේ ඉහළ මණ්ඩලය වන ෆෙඩරේෂන් කවුන්සිලය ඒකමතිකව සම්මත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම යෝජනාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර සිටියේ එරට ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසිනුයි.

රුසියානු පාර්ලිමේන්තුවේ ඉහළ පෙළ සිටින සෙනෙට් සභිකයන් 153 දෙනාගේම ඒකමතික ඡන්දයෙන් එම යෝජනාව සම්මත වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

මෙමගින් ජනාධිපති පුටින්හට ඩොන්බාස් ජනරජ සමූහ ආණ්ඩුව වෙත රුසියානු හමුදා යැවීමට අවසර ලැබෙන බව විශ්ලේෂකයන් පෙන්වා දෙන අතර යුරෝපා රටවල් පෙන්වා දෙන්නේ මෙය යුක්රේනය ආක‍්‍රමණය කිරීමට කොළ එළියක් ලැබුණ හා සමාන බවයි.

POPULAR

Recent articles