දෙවන ලෝක යුද්ධය අවසන් වී 75 වසරක් සැමරේ !

දෙවන ලෝක යුද්ධය අවසන් වී 75 වසරක් සැමරේ !

යුරෝපයේ දෙවන ලෝක යුද්ධය අවසන් වීමේ සංවත්සරික සැමරුම වෙනුවෙන් පසුගියදා කලාපයේ රටවල් කිහිපයක සැමරුම් සංවිධානය කර තිබුණා.

ජර්මනියේ නාසි පාලනය පරාජයට පත්කරමින් යුරෝපයේ දෙවන ලෝක යුද්ධය අවසන් වීමේ 75 වැනි සංවත්සරය පසුගියදා සංවිධානය කර තිබුනේ.

ඒ වෙනුවෙන් කලාපයේ රටවල් කිහිපයක සැමරුම් සංවිධානය කර තිබු අතර මෙවර මෙම සංවත්සරික සැමරුම පැවැත්වීමට සිදුවන්නේ කොවිඩ් 19 ව්‍යාප්තිය මධ්‍යයේ වීම විශේෂත්වයක්.

ඒ හේතුවෙන් එම සැමරුම්වල වෙනදා තරම් ජනතා සහභාගීත්වයක් දක්නට ලැබුණේ නැහැ.

දෙවන ලෝක යුද්ධයේ අවසානය සනිටුහන් ප්‍රංශයේ ප්‍රධාන සැමරුම
ප්‍රංශ ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් පැවැත්වු අතර
සංවත්සරික සැමරුම වෙනුවෙන් ප්‍රංශ ජනාධිපතිවරයා පැරිස් නුවර නාඳුනන සොල්දාදුවාගේ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමට ද කටයුතු කළා.

වසංගත ව්‍යාප්තිය හේතුවෙන් වයෝවෘද්ධ දෙවන ලෝක යුද විරුවන්ට මෙවර සැමරුමට සහභාගී වීමට අවස්ථාව හිමිවුණේ නැහැ.

දෙවන ලෝක යුද්ධයේ අවසානය සනිටුහන් කරමින් බ්‍රිතාන්‍යයේ තවත් සැමරුමක් සංවිධානය කර තිබුණා.

විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් රකිමින් අගමැති බොරිස් ජොන්සන් ප්‍රමුඛ බ්‍රිතාන්‍ය වැසියන් සැමරුමට එක්ව සිටිම විශේෂත්වයක්.

මේ අතර සංවත්සරික සැමරුම වෙනුවෙන් වෙස්ට්මිනිස්ටර් ඇබේ හි නාඳුනන සොල්දාදුවාගේ සොහොනට ගෞරව දැක්වීමට බ්‍රිතාන්‍ය අගමැතිවරයා පසුගියදා කටයුතු කළා.

මෙවර බ්‍රිතාන්‍යයද මේ සංවත්සරය සමරන්නේ දැඩි සංචරණ සීමා මධ්‍යයේයි.

ජර්මනියේ සංවිධානය වූ ප්‍රධාන සැමරුමට එරට චාන්සලර්වරිය එක්ව සිටියා

1939 සැප්තැම්බර් 1 ඉතිහාසයේ රුදුරුතම ගැටුම හෙවත් දෙවන ලෝක යුද්ධය ආරම්භ වූ දිනයයි.

එය අවසන් වී අද වන විට වසර 75ක් ගත වී ඇතත් එහි මතකයන් ගෙන් ඈත්වන්නට තවමත් මිනිස් සංහතියටම හැකි වී නැහැ.

දෙවන ලෝක යුද්ධය හේතුවෙන් ලෝකය පුරා ජීවිත අහිමි වූ සමස්ථ මිනිසුන් සංඛ්‍යාව මිලියන 50කටත් අධිකයි.

POPULAR

Recent articles