අග්‍රාමාත්‍ය ලේකම්ටත් කොවිඩ් 19

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ලේකම් අනුර දිසානායකටත් කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වෙනවා. මේ බව අග්‍රාමාත්‍ය කාර්යාලීය ප්‍රකාශකයෙකු පැවසුවා.

කොවිඩ් 19 රෝග ලක්ෂණ පෙන්වීම නිසා ලේකම්වරයා පරීක්ෂණයකට යොමු වී ඇති බවත් එහිදී කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇති බවයි කියන්නේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂද ලේකම්වරයාගේ පළමු පෙළ ආශ්‍රිතයෙකු වී ඇති බව කියනවා. ඒ ආසන්න දිනවල අවස්ථාවන් කිහිපයකටම ඔහු සමඟ සමීපව කටයුතු කිරීම මතයි.

POPULAR

Recent articles