මැදින් පුර පසළොස්වක පොහොය අදයි (17)

මැදින් පුර පසළොස්වක පොහොය අද (17) දිනයට යෙදී තිබෙනවා.

බෞද්ධ ඉතිහාසයේ සඳහන් වන්නේ බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩකිරීම සඳහා ගමන ආරම්භ කර ඇත්තේ අද වැනි පොහොය දිනක බවයි.

එමෙන්ම 20,000ක් පමණ වූ මහා සංඝරත්නය සමග කිඹුල්වත් නුවරට වැඩම කළ බුදුරාජාණන් වහන්සේ ඥාතීන්ගේ මානය බිඳහෙළීම සඳහා යමාමහ පෙළහර පෑම ද අද වැනි පොහොය දිනක සිදුකර තිබෙනවා.

යශෝධරා දේවියට චන්දකින්නර ජාතකය දේශනා කිරීම, රාහුල කුමරු හා නන්ද කුමරු පැවදිවීම වැනි කරුණු ද මැදින් පුර පසළොස්වක පොහොය දිනක සිදුව තිබෙනවා.

POPULAR

Recent articles