සර්ව පාක්ෂික සාකච්ඡාවල යෝජනා අද (08) දිනයේ සියලුම පක්ෂවලට

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සමග පැවැති සාකච්ඡාවලදී ඉදිරිපත් වු යෝජනා එම සාකච්ඡාවලට සහභාගී වු සියලූ පක්ෂවලට අද (08) දිනයේ ලබාදීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජනබලවේග හා තවත් දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් සමඟ මෙම සතියේදී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

මේ වන විටත සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, පාර්ලිමේන්තුවේ ස්වාධීන වු පක්ෂ 10 කණ්ඩායම ඇතුළු පක්ෂ කිහිපයක් ජනාධිපතිවරයා සමඟ සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබෙනවා.

POPULAR

Recent articles