පාන් මිල රුපියල් 30 කින් ඉහළට

පාන් රාත්තලක මිල රුපියල් 30 කින් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් රාත්තලක මිල රුපියල් 110 ත් 130 දක්වා ඉහළ යනු ඇති.

මේ මොහොතේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මේ බව ප්‍රකාශ කර සිටියා.

බනිස් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදන වල මිල ද රුපියල් 10 කින් ඉහළ දමා තිබෙනවා.

තිරිඟු පිටි කිලෝග්‍රැමයක මිල රුපියල් 35 ත් 45 ත් අතර මිලකින් ඉහළ දැමීමට ප්‍රීමා සමාගම පියවර ගැනීම මෙලෙස පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහල යාමට හේතුවී තිබෙනවා.

POPULAR

Recent articles