ඩොලර‍යේ අගය 260 ක් දක්වා ඉහළට

මෙරට ප්‍රධානතම වාණිජ බැංකු කිහිපයක දෛනික විනිමය අනුපාතිකයට අනුව ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල 250 ක් හා විකුණුම් මිල රුපියල් 260 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ පිළිබඳව අදාළ බැංකු සිය වෙබ් අඩවිවල සඳහන් කර තිබෙනවා.

කෙසේ වුවද පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලරයට සාපේක්ෂව රුපියල වැඩි අගයකින් පා කිරීමට තීරණය කළ අතර ඔවුන් සඳහන් කළේ එය 230 අගය නොඉක්මවනු ඇති බවයි.

POPULAR

Recent articles