ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සිය මංගල IPL ශූරතාවය දිනා ගනියි

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සිය පළමු IPL තරගාවලියට ක්‍රීඩා කළ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ තරගාවලියේ අවසන් මහා තරගයේ දී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පරදා කඩුලු 7ක ජයක් වාර්තා කරමිනුයි.

අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනාගත් රාජස්ථාන් කණ්ඩායම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට ඔහු තීරණය කළ අතර එහිදී ඔවුන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 130ක් ලබා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 18.1ක් අවසානයේ කඩුලු 3ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

ලොව විශාලතම ක්‍රිකට් ජර්සිය නිර්මාණය කරමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම සමාප්ති උත්සවයේ දී ගිනස් ලෝක වාර්තා පොතට ද ඇතුළත්වීමට සමත්වීම විශේෂත්වයක් වනවා.

POPULAR

Recent articles