මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා කළ ප්‍රකාශය ගැන බලශක්ති ඇමති පරීක්ෂණයක් ඉල්ලයි

ඉන්ධන මිල හා ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා විසින් කරන ලද චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා තමා සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කැඳවන ලෙස අමාත්‍ය කාංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් මගින් කෝප් සභාපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

එහි දැක්වෙන්නේ ඉන්ධන මිල සහ වෙනත් කරුණක් සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති හෝ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් කෝප් කමිටුව සහ මහජනතාව නොමඟ යවා තිබේ නම් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.

අදාළ Twitter පණිවිඩය –

POPULAR

Recent articles