තවත් ණයකට ශ්‍රී ලංකාවේ අත්සන

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත්වලින් ඇමරිකානු ඩොලර් මිලියන 203ක ණයක් ලබාගැනීම සඳහා වන ගිවිසුමට ශ්‍රී ලංකා රජය අත්සන් තබා ඇති බව වාර්තා වනවා.

මෙම ණයට අමතරව ආසියා පැසිෆික් කලාපය සඳහා වන ජපන් අරමුදල ව්‍යාපෘති ක්‍රියාකාරකම් සඳහා මූල්‍යමය වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 03ක ප්‍රධානයක් ද ලබාදීමට නියමිත බවත් සඳහන් වනවා.

ආහාර, දිළිඳුකම හා අවදානමට ලක්වූවන්ගේ ජීවනෝපායන් ආරක්ෂා කිරීම මෙම ණය මුදලෙහි අරමුණ වී තිබෙනවා.

POPULAR

Recent articles