අතුරුදහන් වූවන් පිළිබඳව විමර්ශනය කිරීමට විමර්ශන මණ්ඩල 25ක්

මෙරට අතුරුදහන් වූ තැනැත්තන් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි කඩිනමින් විමර්ශනය කර අවසන් කිරීම සඳහා විමර්ශන මණ්ඩල 25ක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පැවසුවා. අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් ස්ථාපිත කර ඇති ප්‍රාදේශීය කාර්යාල වෙත අතුරුදන්වීම් සම්බන්ධයෙන් පැමිණිලි 14,988ක් ලැබී ඇති බවයි ඔහු කියන්නේ. ඇතැම් පැමිණිලි 1988 ටත් පෙර සිදුවූ අතුරුදන්වීම් සම්බන්ධයෙන් බවත් ඇමතිවරයා සඳහන් කළා.

එම පිළිබඳ පැමිණිලි සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීම කඩිනම් කිරීම වෙනුවෙන් අධිකරණ අමාත්‍ය අලි සබ්රි සහ විදේශ අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස් විසින් ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිවූ බව ද ඇමතිවරයා කීවා.

මානව හිමිකම් සම්බන්ධයෙන් උනන්දු වන සිවිල් සංවිධාන මෙම තීරණය අගය කරනු ඇතැයි තමන් අපේක්‍ෂා කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළා.

POPULAR

Recent articles