කබ්රාල්ට රටින් පිටවීම තහනම්

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් හට විදෙස්ගතවීම තහනම් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (07) නියෝගයක් නිකුත් කර තිබෙනවා.

හිටපු මහ බැංකු අධිපතිවරයාට ලබන 18 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් සිතාසි ද නිකුත් කර තිබෙනවා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල එම නියෝගය නිකුත් කළේ හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් විසින් පෞද්ගලික කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි.

මහබැංකු අධිපතිවරයාව සිටියදී මහජන මුදල් අවභාවිත කළේ යැයි චෝදනා කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න හා නීතිඥ ගුණරත්න වන්නිනායක යන මහත්වරුන් ඇතුළු නීතිඥයින් පිරිසක් පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ කරුණු දැක්වීය.

POPULAR

Recent articles