“කොවිඩ් 19 ආසාදිතයින්ගෙන් 99%කට ඔමික්‍රෝන්” – සෞඛ්‍ය අමාත්‍යාංශය

මේ දිනවල වාර්තාවන රෝගින්ගෙන් 98% ක් හෝ 99% ක් ඔමික්‍රොන් වෛරසය වැළඳුණු ආසාදිතයින් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එහි උසස් නිලධාරියෙකු සඳහන් කර සිටියේ ඩෙල්ටා ප්‍රභේදය මේ වනවිට පහව යමින් පවතින බවයි.

ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් කරනු ලැබූ පර්යේෂණයේදි ඒ බව අනාවරණ වී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරන්නේ කොවිඩ් 19 ආසාදිතයින් ඇතුළත් කිරීම සඳහා ඇඳන් ප්‍රමාණවත් සංඛ්‍යාවක් මේ වන විට පවතින බවයි.

දැඩි සත්කාරක ඇඳන්වල හිඟයක් පවතින බව ඇතැම් අය ප්‍රකාශ කළ ද එය අසත්‍ය බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

හෝමාගම හා ජාතික බෝවන රෝග විද්‍යාආයතනයේ ද යම් තදබදයක් පැවතුණ ද ,දකුණු කොළඹ ශික්ෂණ රෝහල හා කොළඹ ජාතික රෝහලේ කොරෝනා වාට්ටුවල රෝගින් ඇතුළත් කිරීමට ප්‍රමාණාවත් පහසුකම් පවතින බව ද එම උසස් නිලධාරියා සඳහන් කරනවා.

POPULAR

Recent articles