රෙද්දෙන් වැසූ විස්ස හෙවත් ඇන්.ඇම් ගේ දෛවයේ සරදම

රෙද්දෙන් වැසූ විස්ස හෙවත් ඇන්.ඇම් ගේ දෛවයේ සරදම !

ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ආ අවස්ථාවේ දී, එම ව්‍යවස්ථාව මඟින් ජනාධිපතිවරයා වෙත ඒකරාශී වන අසීමිත ඒකාධිපති බලයටත්, එයින් රටට ඇතිවන අහිතකර බලපෑමටත් එරෙහිව පාර්ලිමේන්තුවෙන් පිටත වැඩිම හඬක් නැගුවෙකි ආචාර්ය ඇන් එම් පෙරේරා මහතා. දෛවයේ සරදමකට මෙන් ඊට වසර හතලිස් දෙකකට පසු ඇන්. එම්. පෙරේරාගේ නිවෙස තුළ දී ම මාධ්‍ය සාකච්ඡාවක් කැඳවන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානයක්කාර, තිස්ස විතාරණ ඇතුළු පිරිස පවසන්නේ ජනාධිපතිවයා සිදුකළ සංවේදී ප්‍රකාශයක් නිසා තමන් විසිවන සංශෝධනයට එකඟ වීමට තීරණය කළ බවයි.

POPULAR

Recent articles