රටපුරා ඖෂධ හිඟයක්

රටපුරා බොහොමයක් රජයේ රෝහල්වල මේ වන විට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 60 කට ආසන්න ප්‍රමාණයක හිඟතාවයක් පවතින බව මාධ්‍ය වාර්තා කරනවා.

මෙම හිග ඖෂධ අතර ජීවිතාරක්ෂක ඖෂධ (Life Saving Drugs) තුනක්ද ඇති බවයි කියන්නේ.

හෘද රෝගීන්ට, පිළිකා රෝගීන්ට, තැලසීමියා රෝගී දරුවන් මෙන්ම විවිධ සංකූලතා ඇති රෝගීන් සඳහා අත්‍යාවශ්‍ය වන ඖෂධ මෙම හිඟ ඖෂධ අතර වෙනවා.

ඖෂධ ආනයනය සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ණයවර ලිපි නිකුත් කිරීමේදී සිදුවන ප්‍රමාදය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ඖෂධ නැවත ලියාපදිංචි කිරීම මෙන්ම නව ලියාපදිංචියේදී ඇතිවන ප්‍රමාදය ආදී කරුණු මෙම ඖෂධ හිඟය සඳහා බලපා තිබෙන බවයි කියන්නේ.

මෙම තත්ත්වයට සමාන්තරව පෞද්ගලික ඔසුසල් වලද පැරසිටිමෝල් ඇතුළු තවත් ඖෂධ ගණනාවක හිඟයක් ඇතිව ඇති බවයි වාර්තා වන්නේ.

POPULAR

Recent articles