CSN අවදි වෙයි !

CSN අවදි වෙයි !

පසුගිය රජය සමයේදී ආන්දෝලනාත්මක මාතෘකාවක් බවට පත්ව තිබූ කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් හෙවත් සී.එස්.එන්. නාලිකාවේ විකාශන කටයුතු නැවත ආරම්භ කිරීමට අවසර ලබා දී තිබෙනවා. 2016 වසරේදී එවකට සිටි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මෙම නාලිකාවට ලබා දී තිබූ විකාශන බලපත්‍රය අත්හිටුවීමට තීරණය කළ අතර එම තීරණය අභියෝගයට ලක්කරමින් සී.එස්.එන් පුද්ගලික සමාගම විසින් රීට් පෙත්සමක් ගොනු කර තිබුණා. එම රීට් පෙත්සම ඊයේ දිනයේදී අභියාචනාධිකරණයේදී සමථයකට පත්වූ අතර එම නාලිකාවේ විකාශන බලපත්‍රය අත්හිටුවමින් නිකුත් කළ ලිපිය ඉල්ලා අස්කරගැනීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය එහිදී එකඟ වී තිබෙනවා. එසේම එම නාලිකාවේ විකාශන කටයුතු පවත්වාගෙන යාමට පෙර ලබාදී තිබූ සංඛ්‍යාත නැවත ඒ ආකාරයෙන්ම ලබාදීමටද විදුලි සංදේශ නියාමන කොමිසම එකඟ වී ඇති බවයි වාර්තා වන්නේ. මෙම නාලිකාවේ අයිතිය සම්බන්ධයෙන් පසුගිය කාලයේ සමාජය තුළ විශාල කතාබහක් ඇතිවී තිබුනත් ඒ සම්බන්ධයෙන් නිශ්චිත මතයක් තවමත් ඉදිරිපත් වී නැහැ.

කෙසේවෙතත් නවතම ආරංචි මාර්ග පවසන්නේ මීට පෙර ක්‍රීඩා නාලිකාවක් ලෙස පැවති සී.එස්.එන්. නාලිකාව මින් පසු සාමාන්‍ය රූපවාහිනී නාලිකාවක් ලෙස කටයුතු ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි. ඒ අනුව එහි ක්‍රීඩා වැඩසටහන් වෙනුවට ප්‍රවෘත්ති සහ රසවින්දන වැඩසටහන් විකාශය වනු ඇති අතර සී.එස්.එන්. යන නමද වෙනස් කිරීමට යෝජනා වී ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ.

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/…/UCclzQ9EPOBAU

POPULAR

Recent articles