කොරෝනා පරීක්ෂණය සිදු කර ඇත්තේ දහසකට එකක් පමණයි – දයා ගමගේ

කොරෝනා පරීක්ෂණය සිදු කර ඇත්තේ දහසකට එකක් පමණයි – දයා ගමගේ

මෙරට තුළ සැබෑ ලෙසම කොරෝනා පරීක්ෂණය සිදු කර ඇත්තේ දහසකට එකක් පමණක් බව එක්සත් ජාතික පක්ශයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ මහතා පවසනවා .

ඒ මහතා විසින් පෙන්වා දෙන්නේ රටේ සමස්ථ ජනගහනය මිලියන 22 ක් වුවද කොරෝනා ආසාදනය වී ඇත්දැයි සොයා බැලීම සඳහා පරීක්ෂණ සිදු කර තිබෙන්නේ පුද්ගලයින් 40256 ( හතලිස් දහස් දෙසිය පනස් හයකට) ට පමණක් බවයි.

මේ වන විට වයිරසය ආසාදිත පුද්ගලයින් රැසක් වාර්තා වී ඇති අතර හඳුනා නොගත් තව කොපමණ රෝගීන් ප්‍රමාණයක් සිටින්නේදැයි තවමත් තහවුරු වී නැති බවයි ඒ මහතා මාධ්‍ය හමුවකට එක් වෙමින් සඳහන් කලේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ආණ්ඩුව විසින් මෙහි මූලික අදියරේදී නිසි ක්‍රියාමාර්ග ගත්තේනම් මෙවන් විපතක් රටට අත් නොවන බවයි.

POPULAR

Recent articles