රාජ්‍ය ඇමතිවරුන්ගේ භාර නොදුන් වාහන අත්අඩංගුවට ගන්නට මැතිවරණ කොමිසමෙන් පොලිසීයට‌ නියෝගයක්.

රාජ්‍ය ඇමතිවරුන්ගේ භාර නොදුන් වාහන අත්අඩංගුවට ගන්නට මැතිවරණ කොමිසමෙන් පොලිසීයට‌ නියෝගයක්.

මෙතෙක් රථවාහන භාර නොදුන් හිටපු රාජ්‍ය
අමාත්‍යවරුන්ගේ වාහන 5 කට අධික සංඛ්‍යාවක්
අත්අඩංගුවට ගන්නා ලෙස මැතිවරණ කොමිසම
පොලීසියට නියෝග කර තිබෙනවා.
 
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වරදකරු
වුවහොත් මැතිවරණය ජයග්‍රහණය කළද, ඔවුන්ගේ
ආසන අහිමිවීමට ඉඩකඩ ඇති බවයි ඊයේ පැවති
මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිසමේ
සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ.

එමෙන්ම මෙවර මහ මැතිවරණය සඳහා රුපියල්
කෝටි දහසක පමණ වියදමක් දැරීමට සිදු වන
බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙහිදී
අනාවරණ කළා.

POPULAR

Recent articles