විදුලියට ඉන්ධන ගන්න ඩොලර් නොදෙන පාර්ශවයන්ට එරෙහිව මහජන උපයෝගිතා කොමිසමෙන් නීතිමය පියවර

විදුලිය නිපදවීමට අවශ්‍ය ඉන්ධන ආනයනය කිරීමට අවශ්‍ය ඩොලර් ලබානොදෙන පාර්ශවයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට මහජන උපයෝගිතා කොමිසම මේ වන විටත් තීරණය කර ඇති බව කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා. ඒ අනුව ඉදිරි දින දෙක තුන තුළ අදාල පාර්ශවයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි ඔහු කියන්නේ.

විදුලිබල ජනනය සදහා ඉන්ධන ආනයනයට ඩොලර් මිලියන 150 ක් විදුලිබල මණ්ඩලයට ලබාදෙන්නැයි මහජන උපයෝගිතා කොමිසම ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සහ මහා භාණ්ඩාගාරයෙන් කළ ඉල්ලීමට තවමත් ප්‍රතිචාර නැතිවීම ගැටලුවට හේතුව බව සභාපතිවරයා පවසනවා. මෙය විදුලි අර්බුදයක් නොව විදේශ විනිමය අර්බුදයක් වීම නිසා ඉන්ධන මිලදීගැනීමට ඩොලර් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා, මහ බැංකුවට දුන් උපදෙස් ක්‍රියාත්මක නොවන බව ඔහු කියනවා.

විදුලිබල මණ්ඩලයට පාරිභෝගිකයන්ගෙන් අයවිය වියයුතු රුපියල් බිලියන 40 න් බිලියන 25 ක් සහ මහා භාණ්ඩාගාරය බිලියන 30 ක් ලෙස රුපියල් බිලියන 55 ක් දෙන්නේ නම් විදුලිබල ගැටලුව අවසන් කළ හැකි බව ද සභාපතිවරයා සඳහන් කරනවා. අඛණ්ඩව විදුලිය සැපයීම මහජන උපයෝගිතා කොමිසමේ වගකීම වීම නිසා ඉන්ධන අර්බුදයෙන් විදුලිය කප්පාදු නොකර සිටීම සඳහා රජයට යෝජනා මාලාවක් ඉදිරිපත් කළ ද එය ක්‍රියාත්මක නොවන බව සභාපති ජනක රත්නායක පවසා තිබුණා.

POPULAR

Recent articles