ඩොලර්වලින් ගෙවල් ගන්න අයට වාසියක්

නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකළ මධ්‍යම ආදායම් නිවාස ව්‍යාපෘතිවල නිවාස ඩොලර් මගින් මිල දි ගන්නා අයට 10%ක් වට්ටමක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

විදෙස්ගත ලාංකිකයන් සහ ශ්‍රමිකයන් සදහා මෙම නිවාස ඩොලර් මගින් මිල දි ගැනීමට අවශ්‍ය පහසුකම් මේ වන විට සලසා ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග කියන්නේ. රටේ පවතින ඩොලර් අර්බුදයට පිළියමක් ලෙස මෙම නව ක්‍රමවේදය හදුන්වා දුන් බව ඔහු සදහන් කරනවා.

නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන මධ්‍යම ආදායම් නිවාස ව්‍යාපෘති දෙකක් මේ වන විට වැඩ අවසන් කර තිබෙනවා. ඕවල් වීව් නිවාස ව්‍යාපෘතිය නිවාස ඒකක 608 කින් සමන්විත අතර අංගොඩ ලේක් රෙස්ට් ව්‍යාපෘතිය නිවාස ඒකක 500 කින් සමන්විතයි.

මේ වන විට තවත් මධ්‍යම ආදායම් නිවාස ව්‍යාපෘති 12 ක් ඉදිකෙරෙමින් පවතින බවයි කියන්නේ. එමගින් තවත් නිවාස ඒකක 3,667ක් අලෙවියට සුදානම් කෙරෙන බව සඳහන් වෙනවා. මෙම නිවාසත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් හා ශ්‍රමිකයන්ට ඩොලර් මගින් මිල දී ගැනීමේ පහසුකම් සැලසීම සදහා නාගරික සංවර්ධන අධිකාරියේ කළමනාකරණ මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බවයි පැවසෙන්නේ.

POPULAR

Recent articles