අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය තරිඳු ජයවර්ධනගේ කතාව

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ක්‍රියාකාරිකයෙකු වන, ජනමාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ඊයේ (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් තිබුණා. ඒ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඔහුගේ ෆේස්බුක් ඔහුට කළ මරණ තර්ජනයක් පිළිබඳ පැමිණිල්ලක් හේතුවෙන්.
එම පැමිණිල්ල සහ කැඳවීම පිළිබ‍ඳ ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය තබා තිබූ සටහනයි මේ.

“නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් 2021 ජූලි 01 වැනිදා තරිඳුට තර්ජනය කිරීම ගැන CID එකේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය අවුරුද්දකට පස්සේ විමර්ශන පටං අරං කියලා ඒකට අදාලව ප්‍රකාශයක් ගන්න එන්න කිව්වේ.

අගෝස්තු 09 වැනිදා 10ට ප්‍රකාශ ගන්න පටං ගත්තා. 2.30 වෙනකම් ප්‍රකාශ ගත්තා.

පොලිස්පති, තරිඳු කරපු පැමිණිල්ලෙන් අවුරුද්දකට පස්සේ පොලිස් නීති කොට්ඨාසෙට යොමු කළාම නීති දිසා නියෝජ්‍ය පොලිස්පති කරවිට නිර්දේශ කරලා තිබුණා CID එකට විමර්ශනය විමර්ශනය භාර දෙමු කියලා. විමර්ශනය CID එකට ආවම එයාලා විමර්ශනය කරන්න විමර්ශන අංශවලට යවන්න කලින් විමර්ශන නිලධාරීන්ගෙන් පිට වෙනම කමිටුවකට පැමිණිල්ල යොමු කරලා. ඒ කමිටුව කියා තියෙනවා, තරිඳුගේ කටඋත්තර අරං නීතිපතිට යවන්න කියලා.

තරිඳු ජයවර්ධන, නීතිඥ ප්‍රබෝධ රත්නායක සහ නීතිඥ සුරේන් ඩී පෙරේරා සමඟ අගෝස්තු 09 වැනිදා CIDගියා. CID එකේ පරිගණක අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂට තරිඳු දැනුම් දී තිබුණා, අවුරුද්දකට පස්සේ විමර්ශනය එව්වට පස්සේ විමර්ශන නිලධාරීන්ට පැමිණිල්ල සහ සාක්කි බලලා තීරණය කරන්න කලින් වෙනත් කමිටුවකට දාලා විමර්ශන නොකර නීතිපතිට යවන්න තීරණය කළ එක වැරදියි කියලා. ඒ නිසා නීතියට පිටින් කරන එහෙම වැඩ ගැන ඔහුගේ ප්‍රකාශයෙදි ලියාගන්න කියලා ඔහු ඉල්ලුවා. ඊට පස්සෙ ප්‍රකාශය ගත්තා.

දේශබන්දුගේ අපරාධ ඉතිහාසය ගැනත්, ඔහු කරපු වැරදිවලට පොලිස් කොමිසම විවිධ ක්‍රියාමාර්ග නොගෙන, අවවාද පත්‍රිකා දුන්න විදිහ ගැනත් ඔහු පැහැදිලි කළා.

දේශබන්දු බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වුණාට පස්සේ ඔහුගේ අධ්‍යක්ෂණය යටතේ තියන පොලිසි සහ අංශවලින් අත්අඩංගුවට ගත්ත සැකකරුවන් ඝාතනය කරපු හැටිත් පැහැදිලි කළා.

දේශබන්දු තරිඳුට තර්ජනය කළේ ප්‍රභාකරන්ට සහ අනිත් අපරාධකාරයන්ට වෙච්ච දේ වෙයි කියලා. එලෙස තර්ජනය කරන්න හේතුව ගැනත්, දේශබන්දු ගැන තරිඳු කරපු අනාවරණ ගැනත් ප්‍රකාශයේ සටහන් කර ගත්තා.

මෙම සංවාදය ඇති වී තිබුණේ තරිඳුගේ ෆේස්බුක් පිටුවේ ශානි අබේසේකර ගැන දැමූ පෝස්ට් එකකට දේශබන්දු තෙන්නකෝන් දැමූ කමෙන්ටුවකින් පසු.
ශානි අබේසේකර ගැන දේශබන්දු කමෙන්ට් කරලා තිබ්බා. ශානි බොරු කරනවා සහ තරිඳුත් බොරු කරනවා කියලා දේශබන්දු කියා තිබුණා. ඒ කමෙන්ට්වලට ප්‍රතිචාර විදිහට සීඅයිඩී එකෙන්ම ශානි පිළිබඳ කර ඇති විමර්ශනයක වාර්තාවක් තරිඳු ඉදිරිපත් කළා. ඒ වාර්තාවේ ශානිට විරුද්ධ චෝදනාවලට පිළිතුරු තියෙනවා.

අවසන් වශයෙන් දේශබන්දු ගැන විමර්ශන කරලා නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්, පැමිණිල්ල හිතාමතා විමර්ශන නොකර පමා කිරීම ගැනත්, විමර්ශන නිලධාරීන්ගෙන් පිට නිර්දේශ ගත්ත එක ගැනත් විමර්ශනය කරන්න කියලා පැමිණිල්ලෙන් තරිඳු ඉල්ලුවා.
තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය”

POPULAR

Recent articles