උපුල් තරංගත් විශේෂ විමර්ශන ඒකකයට.

උපුල් තරංගත් විශේෂ විමර්ශන ඒකකයට.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු
කළ උපුල් තරංග අද ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ
විශේෂ විමර්ෂණ ඒකකය වෙත කැඳවා තිබුණා.
ඒ 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරඟය පාවා දුන් බවට
එවකට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා සිදුකළ චෝදනාව සම්බන්ධයෙන්
ප්‍රකාශයක් ලබාගැනීමටයි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති 2011 ක්‍රිකට් ලෝක කුසලාන
අවසාන මහා තරගය පාවා දුන් බවට එවකට හිටපු ක්‍රීඩා අමාත්‍ය
මහින්දානන්ද අලුත්ගමගේ පසුගිය දිනෙක සිදුකළ ප්‍රකාශය මෙරට
මාධ්‍ය තුල මෙන්ම විදෙස් මාධ්‍ය තුළ ද ආන්දෝලනාත්මක මාතෘකාවක් බවට පත් වුණා. පසුගිය 24 වන දා හිටපු අමාත්‍යවරයාගේ කාර්‍යාලයට පැමිණි ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශන විශේෂ ඒකකයේ නිළධාරීන් විසින් ඔහුගෙන් මේ පිළිබඳව ප්‍රකාශයක්
ලබාගත්තා. ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව ඔහු මාධ්‍ය වෙත
ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් පිටු හයකින් සමන්විත පැමිණිල්ලක්
තමන් පොලිස් විශේෂ විමර්ෂණ ඒකකයට භාර දුන් බවයි.

මේ අතර හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු වන හරීන්
ප්‍රනාන්දු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ
කර ඇත්තේ මෙම උමතු ක්‍රියාව වහාම නවතා දැමිය
යුතු බවයි. මෙම ක්‍රීඩකයින් අපගේ අභිමානය බව ද,
ප්‍රසිද්ධිය බලාපොරොත්තුවෙන් සිදුකරන ලද පදනම්
විරහිත චෝදනාවක් මුල් කරගනිමින් සියළුම
ක්‍රීඩකයින්ගෙන් ප්‍රශ්න කරන පළමු රට බවට අප
පත්වනු ඇති බව ද ඔහු එහි පවසා තිබෙනවා.

POPULAR

Recent articles