උද්ධමනය 15% ඉක්මවයි

මෙම වසරේ වැඩිම උද්ධමනය පසුගිය පෙබරවාරි මාසයේදී වාර්තා වී තිබෙනවා.

ඒ අනුව පසුගිය පෙබරවාරි මාසයේදී මතුපිට උද්ධමනය 15.1% ක් වන අතර ජනවාරි මාසයේ එය වාර්තා වී තිබුණේ 14.2% ක් ලෙසයි.

මෙය පෙර මාසයට සාපේක්ෂව 0.9% ක ඉහළ යෑමක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

ආහාර හා ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම මිල ගණන්වල සිදුවී ඇති ඉහළ යෑම මෙම තත්ත්වයට හේතුවී ඇති බව එම නිවේදනයේ මඟින් පෙන්වා දෙනවා.

අදාළ නිවේදනය –

POPULAR

Recent articles