රුසියාවට දැවැන්ත ක්‍රීඩා තහනමක්

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) හා යුරෝපිය පාපන්දු පාලක මණ්ඩලය (UEFA) විසින් නැවත දැනුම් දෙන තුරු රුසියානු ජාතික පාපන්දු කණ්ඩායම හෝ එරට ක්‍රීඩා සමාජ කණ්ඩායම් සඳහා තහනමක් පැනවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව රුසියානු පාපන්දු කණ්ඩායමට මින් ඉදිරියට රුසියා ජාතික කණ්ඩායම ලෙස ක්‍රීඩා කිරීමට නොහැකි බවත්, අවශ්‍ය නම් රුසියානු පාපන්දු සංගමය යන නාමය යටතේ ක්‍රීඩා කළ හැකි බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

එමෙන්ම එලෙස ක්‍රීඩා කරන්නේ නම් එම තරග රුසියාවෙන් පිටතදී පැවැත්වීමටත්, එම තරග වලදී රුසියා ජාතික කොඩිය එසවීම හා රුසියා ජාතික ගීය ගායනා කිරීම තහනම් කිරීමටත් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තීරණය කර තිබෙනවා.

මේ අතර රුසියාවේ හා බෙලරුසියාවේ ජාත්‍යන්තර ටෙනිස් සම්මේලන සාමාජිකත්වය අහෝසි කරන ලෙස යුක්‍රේන ටෙනිස් සංගමය ඉල්ලීමක් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රුසියාවේ හා බෙලරුස් හි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් ඉසව්වලින් තහනම් කළ යුතු බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව නිර්දේශ කර තිබෙනවා.

POPULAR

Recent articles